saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6374 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 72ක්

calendar_today 2021 සැප් 23 - 18:03 remove_red_eye - 217  

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද දින පෙරවරුවේ සහභාගී විය.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝග කඩ කරමින් යාපනය ප්‍රදේශයේ දිලීපන් සැමරුමකට එක්වීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබා දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර සංවිධාන රැසක් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබද ගැටලූ‍ව විසඳා ගන්නා තෙක් ඖෂධ නිෂ්පාදනය ,සැපයුම් හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයාගේ ග‍්‍රහණයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට එය පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාව පිහිටා ඇති තට්ටු තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කරති.

Read More

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර ති​බේ.

Read More

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අත්සන් තබා තිබේ. ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත වී ඇ​ත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා.

Read More

පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට ඊයේ (22දා) මධ්‍යම රාත්‍රියේ පොල්ලක් රැගෙන කඩාවැදුණු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු නිදාසිටි යාචකයන්ට ඉවක් බවක් නොමැතිව පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

අභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (23) සිදුකෙරුණි.

Read More

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබේ. “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතු වෙයි.

Read More

මෙරට ගංගා දූෂණය වීම වැළැක්වීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල 2023 වර්ෂය වන විට අවසන් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

නොවැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට රුසියාව තීරණය කරතිබේ.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේදි පුද්ගලයින් 228,645 දෙනෙකු‌ට එන්නත් ලබා දි තිබේ.

Read More

[LONG READS] අමින් ඔහුට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත් නමුත් මුල සිටම එය කළමනාකරණය කිරීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිසා ඔහුගේ පාලනය සීමා වූයේ දින 104කට පමණි. හමුදාවේ සාමාන්‍ය නිලධාරී බළකායේ ශක්තිය වූ 8000න් අඩක් පමණ ඉතිරිව තිබිණි. ඉතිරි අය මරා දමා හෝ ප්‍රතිරෝධය දක්වා කැරලිකරුවන් සමග එකතු වීම සඳහා ඉවත්ව ගොස් තිබුණි. පක්ෂය තුළ කැරලි ගැසීම් සාමාන්‍ය දෙයක් වී තිබුණි.

Read More

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

Read More

විදේශ ආයෝජකයින් දිරිගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ආගමන සහ විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාළ කාලසීමාව දීර්ඝ කිරීමට නියමිත අතර අදාළ සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වය දරන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ඊයේ ඉදිරිපත් කර තිබේ.

Read More

වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව කලක් ඉතා ම සමීපව තමන් ඇසුරු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

අද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 415 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ඉගැන්විමේ කටයුතු සිදුකෙරෙන ගුරුවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනෙකුගේ පෙරේදා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

තමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් මහතා හාස්කමකින් සුවය කළ බවත් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බවත්, ඔවුන් දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් සමඟ එක්වී ජනතාවට ලැබිය යුතු සහන අතරමැදින් කොල්ලකමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (22 දා) පැවසීය.

Read More

බෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා මූලාරම්භය සෙවීම ඉතා වැදගත් වන අතර, පෙර අධ්‍යයන මාලාවකින් හෙළි වූයේ චීනය තුළ වෛරසය පැතිරීමට පෙර එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය ඇතුළු රටවල් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහා පවසයි.

Read More

වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.