saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5780 hours ago

LATEST

අගමැතිගේ අභියෝගය SJB භාර ගනියි

calendar_today 2022 පෙබ 10 - 18:01 remove_red_eye - 552  

පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්

බුත්තල පොලිස් වසමේ පොල්ගහවත්ත මාර්ගයේ දික්යාය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්කුඩු ග්‍රෑම් 8ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් ඊයේ (9දා) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

කෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස නැවතත් පත්කෙරේ.

Read More

තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග එක්ව කල මෙහෙයුමකදී බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය .

Read More

විශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන පැහැදිලිව දෙන්න ඕන. අද දෙන සමහර කරුණු වල චීනය හා ඉන්දියාවෙන් දුන්න ස්ෆොට් එකත්, ඒ වගේම ණයත් ඇතුළු කරලා තියෙනවා. ඒවා වෙනම දෙන්න.මොකද අද ඉතුරුවෙලා තියෙන ගාන ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියනයක් කියලා කථාවක් යනවා

Read More

ඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා. ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.

Read More

ඉන්දීය අයි.ඕ.සී.සමාගම , සිය ඩීසල් අලෙවි කිරීමේ මිළ රුපියල් 03 කින් ඉහළ දැමීමත් සමගම , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළ ඇතුළු අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළ් වලද , ඩීසල් , දැනට දින තුනක සිට නොමැති වීම නිසා ප්‍රදේශවාසී වාහන හිමිකරුවන් මෙන්ම ගුවන් තොටුපළ මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන වාහන කරුවන් ද බලවත් අසීරුතාවට පත් වී සිටිති .

Read More

ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියකු පසු පස කැබ් රථයකින් ලුහු බඳිමින් එම වන අලියාට හිංසා කිරීමට කටයුතු ළේ යැයි චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැබ් රථ රියදුරෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද (10දා) නියම කළේය.

Read More

බීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ’’වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත’’ ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකාශයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් කියුබාව පදනම් කරගත් ප්‍රෙන්සා ලැටිනා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සියයට 45ක් කාන්තාවන් බවයි. මෙය වාර්තා ගත අගයක් බව එම පුවත් සෙවය පවසයි.

Read More

විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුභසාධන අරමුදල මගින් සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශදී පැවැත්විණි.

Read More

උස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

බදුල්ල නගරයට වසර පනහක් තිස්සේ පාරිසරික ගැටලුවක්ව පැවති අක්කර දෙකක කුණු කන්ද ගොඩකර ඒ මත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ප්‍රදේශයේ ජනතාව මෑත කාලයේ ලැබු ජයග්‍රහනයක් බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියයි.

Read More

පාකිස්තාන ප්‍රිමියර් ලීග තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා තමන් පකිස්ථානයට යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි විට අවාසනාවන්ත සිදුවීමටකට මුහුණ දීමට සිදුවූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම පවසයි.

Read More

අහිමි කළ විශ්ව විද්‍යාල සේවක වැටුප් වහා ලබා දෙනු, වැටුප් විෂමතාව වහා නිවරදි කරනු ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (10දා) දහවල් සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිපිට විරෝධතාවයක නිරත වුහ.

Read More

මේ වෙලාවේ උත්සහ කරන්නේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න. ඊයේ දවසේ මම දැක්කා එක කාන්තාවක් කියනවා හෙන 7 ගහන්න ඕනී කියලා. හෙන 7ක් නෙවෙයි දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕනී. මේ වැරැද්ද නිවැරදි වෙන්න ඕනී.

Read More

ගව ඝාතකාගාරයක් වටලා බලපත්‍ර නොමැතිව, නීති විරෝධී ලෙස කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ ගව මස් කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් 5ක් සහ ලොරි රථයක් සමඟ අද (10දා) අලුයම අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (10දා) පැවැති හම්බන්තොට නගරසභා රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

සෙම සිරවී සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ අසනීපය සුව කර ගැනීම සඳහා යාඥා කළ මෙන්ම පසුව දරුවා මිය යෑමෙන් පසුව ඔහුගේ ප්‍රාණය ලබා ගැනීම සඳහා යාඥා කළ එම දරුවාගේ මව, පියා හා මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රටේ පවතින වර්තමාන තත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳ විශේෂ රැස්වීමක් පසුගිය දා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණ.

Read More

බොරැල්ලේ ප්‍රසිද්ධ මල් ශාලාවක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බොරැල්ලේ නිවස බිඳ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරන ක්‍රිකට් ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

පොළොන්නරුව සිංහපුර අලිවංගුව ප්‍රදේශයේ අද (10දා) උදෑසන බස්රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

අඩුආදායම්ලාභී සමෘද්ධි සහනාධාරය හිමි පවුල් ලක්ෂයක වහල මත සූර්ය කෝෂ සවි කර මාසිකව රු. 2 500 ක ආදායමක් හිමිවන පරිදි වසර 15කට පසුව සම්පූර්ණ අයිතිය ඔවුන්ට හිමිවන ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සංවිධානය කළ මහජන රැළිය එම පක්ෂයේ රැළියක් බවත් ඒ අනුව ආණ්ඩුවට සහය පළ කරන සියලු පක්ෂ එකතු වෙලා සිදු කළ රැළියක් නොවන බවත් සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ හතලිස් දහසක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10දා) සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

Read More

දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා වෘත්තිය සංගම් ක්‍රියාමාර්ගය මගින් රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණ බවට පත්කර ඇති බවත් රෝගීන් ඉතා අසරණව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවන් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 6කට ආසන්න වී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පුද්ගලයන් 5 942 255ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

පස්, කළුගල්, වැලි, හා මැටි වැනි ඛනිජ සම්පත් කැණීම් සිදු කෙරෙන ස්ථාන මෙන්ම දැනට එම ව්‍යාපෘති අවසන් කළ ස්ථාන සියයට 100ක් ම දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන ස්ථාන බවට පත්ව ඇති බවත් එමෙන්ම කැණීම් ස්ථාන සියල්ලම පාහේ මරඋගුල් බවට පත්ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (09) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.