saravita-anim2

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

Latest News - timelapse 571 hours ago

LATEST

ගල්කිස්සේ වෙඩි තැබීමකින් තරුණයෙක් තුවාල

calendar_today 2025 මැයි 05 - 07:43 remove_red_eye - 206  

ගල්කිස්ස, වෙරළ මාර්ගයේ අද (05) උදෑසන සිදුවු වෙඩිතැබීමකින් තරුණයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

මහත් ආන්දෝලනයට තුඩු දී ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඊයේ (04) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( To Lam) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊළඟ වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 46ක් අද (04දා) දිනය වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට ජංගම දුරකථනයක් ලබාදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
අපනයන ඉහළට
4 05 2025 19:42:00
0 189

2025 වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1241.7ක වෙළඳ භාණ්ඩ අපනයන ආදායමක් ලබා තිබේ. මෙය 2024 මාර්තු මාසය හා සැසදීමේදී සියයට 8.1ක වර්ධනයකි. 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1 143.5ක් වෙයි.

Read More

හෙද හෙදියන් 3000 කට ආසන්න ප්‍රමාණයකට ඉදිරියේ දී පත්වීම් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බව ගුවන් තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විසින් ප්‍රකාශ කර ඇති පරිදි සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටනල්ස් ආයතනය විසින් පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් රුපියල් 50,000.00 ක අතිකාරම් මුදලක් සේවකයන්ට ලබාදීමට කිසිදු සූදානමක් නොමැතිති බව එම ආයතනය දන්වා සිටී.

Read More

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් අතවරයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත්අඩගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සංචාරයක නිරත වීම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 53 වැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා 05/04 දින උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ .

Read More

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට (Noi Bai International Airport) ළඟා විය.

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉංජිනේරු තාක්ෂණ පිිඨයේ සිසුන් හට නවක වඳය ලබා දිිමෙි සිද්ධිය සමිබන්දයෙන් සමනල වැව පොලිසියට ලද පැමිණිල්ලක අදාළ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දිි තිබෙන බව පොලිසිය පවසයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පෙරවරු 11ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 12.30 තෙක් වලංගු වෙයි. ඌව, සබරගමුව, හා දකුණ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය හා අම්පාර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05/06 හා 07 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීාම් ඒක්දින හා සාමාන්‍ය සේවාවන් සැපය‍ිම ස‍ිමා කිර‍ිමට සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මාසය අවසානය තෙක් වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇතැයි මහ බැංකුව ඳසහන් කරයි.

Read More

මෙරට අපරාධ ග ණනාවකට සම්බන්ධ විදෙස්ගතව ඟසැව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සුජීව රුවන් කුාරද සිල්වා නොහොත් ලොකු පැටී යන අද පෙරවරුවේද‍ි බෙලරූස් රාජ්‍ය යේ සිට දිවයිනට ගෙන ඒ්මට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි. අපරා‍ධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු මෙසේ දිවයිනට ගෙන ඒයි.

Read More

වනාතවිල්ලුව කළාඔයෙ මුරුන්දන්වේලි නාන තොටුපලට විනෝදයට දිය නෑමට ගිය පිරිසක හය දෙනෙකු ජල පහරකට ගසා ගෙන ගොස් ඇති බවත් එයින් එක් දරු පියකුගේ සිරුර හමුවි ඇතත් 20 හැවිරිදි තරුණීයකගේ සිරුර 3 දින සවස් වනතුරුද හමුව තිබු නැති බව වනාතවිල්ලුව පොලිසය කියයි.

Read More

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍ර දේශයේ අවහන්හලක් ඉදිරිපිටි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා පලාගොස් ඇති බව මීටියාගොඩ පොලිස් ස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මැයි 06දා දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේද‍ි නිලධාරීන් මැතිවරණ රාජකාරී සදහා මුදා හැරීමට සිදුවන බැවින් 2025 මැයි 05 හා 06 දා දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම බලපත්‍ර කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

Read More

ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි පොත් සහ රජයේ ලිපි ලේඛන සමඟ අත්අඩංගුවට ගත් වාරියපොල වාහන අලෙවි ප්‍රදර්ශනාගාර හිමිකරු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඊයේ (02) නියෝග කළාය.

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු චරිත් දිල්හාර සහෝදරයාගේ හදිසි අභාවය පිළිබදව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂයන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් නවකවදය සිදුවිමක් සිදු වි ඇත්නමි ඒ පිළිබඳව විනිවිදභාවයකින් හා අපක්ෂපාති පරික්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ සදහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ උපරිම මැදිහත් විම සහ දායකත්වය ලබා දෙන බව සබරගමුව විශ්වව

Read More

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු , ලබන අද 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12 ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

සීගිරිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙඩිගස්වලාන ප්‍රදේශයේ 02 දින රාත්‍රියේ අවමගුල් නිවසක පුද්ගලයෙකු පිහිපයක් ඇනීමකින් අයකු මියගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ විදෙස් සංචාරය වන වියට්නාමයේ තුන් දින නිල සංචාරය හෙට ආරම්භවීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.