ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
වත්මන් ආණ්ඩුවට තවත් ආයුෂ ඇත්තේ අවුරුද්දක කාලයක් පමණක් බවත් කොළඹ මහ නගර සභා අයවැය ඡන්දය හරහා ආණ්ඩුව කඩා වැටෙන බවට සංඥාවක් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද කොළඹදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.
"ආණ්ඩුව කඩා වැටෙන ලොකු සිග්නල් එකක්. විපක්ෂයෙන් 60 දෙනයා ආණ්ඩුවේ 57යි ගිහිල්ලා (කොළඹ මහ නගර සභාඅයවැය ඡන්දය) පරද්දනවා කියන්නේ. නලින්ද අපේ ඊළඟ ජනපති අයියත් කියනවා සති දෙකෙන් මේක ගොඩ ගන්නවා කියලා. ගොඩ ගත්තොත් හොඳයි. රටම බලාගෙන ඉන්නවා.
මුලතිව්වලත් ගිහින් තියෙන්නෙ. අනුර කුමාර ජනපතිතුමාගේ බෝට්ටුවේ ලොකු හිලක්. අපි ඔලුව දාලත් වහන්න ට්‍රයි කළත් බැරි වෙලා තියෙනවා. වැඩක් නෑ. නායකතුමාලා ඉන්නවා. පොලොන්නරුවේ නායකතුමෙක් ඉන්නවා. කඩා වැටෙයි. තව අවුරුද්දයි උපරිම. එච්චරයි උපරිම. විපක්ෂනායක තුමා මට කොළඹින් ඉල්ලන් කියනවා. මම ආවොත් උතුරේ මිනිස්සු මාව මරලා දායි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

