බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
- 25 12 2025
- 07:46
- {{hitsCtrl.values.hits}} views
- ..
ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය - ඊයේ රාත්රී කාලයේ ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජෝෂප් විදිය ප්රදේශයේදී ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 27 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 67 ක් වන කොළඹ 14 ප්රදේශයේ පදිංචි කරුවෙකි.
ග්රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස- පිළියන්දල පොලිස් වසමේ වීරසිංහ මාවත ප්රදේශයේදී ඊයේ රාත්රී කාලයේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත 09mm වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත.ෙමෙම අවිය කවුරුන් විසින් මෙම ස්ථානයට රැගෙන ආවේද සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

