saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 5689 hours ago

LATEST

හෙට සිට පැය 03ක විදුලි කප්පාදුවක්

calendar_today 2022 අගෝ 15 - 16:06 remove_red_eye - 412  

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් හෙට (16දා) සිට විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15දා) දහවල් 12.20 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය.

Read More

ඉන්ධන ප්‍රවාහන කරමින් තිබු බවුසරයකින් නීති විරෝධි ලෙස පෙට්‍රල් තොගයක් පිටස්තර ශීතාගාර ලොරි රථ දෙකකට අලෙවි කිරීමේ යෙදි සිටියදී පුත්තලම හා ආණමඩුව පොලිස්ථාන ස්ථාන දෙකකදී පෙට්‍රල් ලීටර් 13200ක් සමග අද (15දා) දහවල් අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

Read More

යාපනය අච්චුවේලී කාලානෙයි ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලක කිකිලියකට පාද 4 ක කුකුලු පැටවෙකු ලැබී ඇතැයි එම ගොවිපලේ හිමිකාරිය පැවසුවාය.

Read More

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් හෙට (16දා) විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Read More

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වේ. එම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 පමණ කාලයක් ගතවනු ඇති බවත් මේ වන විට අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

Read More

“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

Read More

ඩුබායි රටේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධානතම වෙඩික්කරු බොරලස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ බෝඩිමක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

රූපවාහිනී සංස්ථාවට අයථා ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැති අය රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15දා) නියෝග කළේය.

Read More

බෝකුන්දර අයි සි සි මාර්ගයේදී තරුණයෙක් තරඟයට පැදවූ යතුරුපැදියක් සහ තනි රෝදයෙන් තරුණයකු පැද වූ යතුරු පැදියක් ඊයේ (14දා) සවස මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පිලියන්දල පොලිසිය පවසයි.

Read More

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අද (15දා) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඉන්ධන මිලෙහි සංශෝධනයක් අද (15දා) සිදු කිරීමට නියමිතව ඇත.

Read More

සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව නුවරඑලිය සංචාරක නිකේතන හිමියන් පැවසිය.

Read More

මිරිස්ස මුහුදේදී මාළු දැලකට හසුව ගෙල පදේශය කැපී බරපතල තුවාල ලබා සිටි හික්කඩුව වනජීවී නිලධාරීන් භාරයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ කිලෝග්රෑම් සියයක් පමණ බර කැස්බෑවෙකු යලි මුහුදට දැමීම අද (15දා) උදේ අම්බලන්ගොඩ වෙරළ තීරයේදී සිදු කෙරිණ.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳ වැටී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

විදේශ රටකට අයත් මෙරට සමාගමක විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරන පුද්ගලයෙකු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඇතුළු වීමට යාමේදී ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ.

Read More

බෙලිඅත්ත සිට කොළඹ බලා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රිය බූස්ස සහ රජ්ගම දුම්රිය ස්ථාන දෙක අතර රිල්ලඹ හන්දියේ දී පිලි පැන තිබේ.

Read More

අගොස්තු මස තෙවැනි සතිය ආරම්භයත් සමගින් මෙම සතියට අදාළව ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (15දා) සිට ආරම්භ වෙයි.

Read More

ඉදිරි වසර 25 තුළ ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බව සහතික කිරීම සඳහා ඉන්දියානුවන් තම යුතුකම් ඉටු කළ යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

Read More

සෑම මසකම 1 වැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් අද දිනයේදී ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

Read More

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත් කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා ඒ හා එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබිණි.

Read More

උතුරු කොරියානු නිදහස් දිනය වෙනුවෙන් කිම් වෙත ලිපියක් යවමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මෙම අදහස් පළ කර ඇත.

Read More

මහනුවර වැව රවුමේ සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බවමහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

Read More

තායිවාන කලාපයේ නව සංචාරයක් සම්බන්ධයෙන් විරෝධතා දක්වමින්, චීන තානාපති කාර්යාලය එක්සත් ජනපද නීති සම්පාදකයින්ට අනතුරු අඟවයි.

Read More

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් රක්ෂණභාර අරමුදල සමග ඇතිකරගෙන තිබූ ප්‍රතිරක්ෂණ ගිවිසුම අහෝසිකිරීම නිසා කෘෂිරක්ෂණ මණ්ඩලයට රුපියල් මිලියන 163.6ක පාඩුවක් සිදු වී ඇති බව සඳහන්ය.

Read More

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 31දෙනෙකු මිය ගොස් 17දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ඔහු සඳහන් කළේ මෙම ආර්ථික සැලැස්ම ප්‍රතිසංස්කරණය කළ යුතු ප්‍රධාාන ක්ෂේත්‍ර 10 ක් හඳුනා ගනිමින් සකස් කර තිබෙන බවයි. ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, රාජ්‍ය අංශය කළමනාකරණය, බලශක්ති සහ මහජන උපයෝගීතා, වෙළෙඳාම, කර්මාන්ත, කාෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, නිෂ්පාදන සාධක වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය, විනිවිදභාවය සහ වගවීම මෙම අංශ අතරට ඇතුළත් වේ.

Read More

කොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ රටේ මීළඟ අගමැති වීමේ සටනේ තරගකාරියක වන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ලිස් ට්‍රස් ලකුණු 22ක් ඉදිරියෙන් සිටී.

Read More

උඩදුම්බර පොලිස් වසමේ මීමුරේ පුස්සෙඇල්ලේ දිය නෑමට ගියඅට හැවිරිදි දරුවෙකු සහ එම දරුවාගේ මිත්තණියදියේ ගිලී මිය ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.