කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයෙ 10 බස් රථ තුනක් ගැටිමේන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීම මාර්තු මස 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
Read Moreනුවරඑලිය සිට දිනපතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර වෙත ගොස් වාහන වල දුම් පරික්ෂාව සිදු කරන පෞද්ගලික ආයතනයකට අයත් වාහනයක අධික ලෙස කළු දුම පිටවන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව දශකයකට පසු කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මෙහිදී ආයතනයේ කළමනාකාරීත්වය සහ ව්‍යුහාත්මක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කිරීමටද කටයුතු කළේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355කට සීමා විය.
Read Moreසැක කටයුතු ලෙස මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreව්‍යාජ රුපියල් 500 නෝට්ටු 700ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පුදුකුඩිඉරිප්පු දේවපුරම් ප්‍ර දේශයේදී ව්‍යජ නොට්ටු මුද්‍රණය කරන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreවාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සදහා අයඳුම් කිරිම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කල යුතුව ඇති බවත් එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බවත් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.
Read Moreප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අයිති ආයතන දෙකක් විසින් සිය ආයතනවල ලාභාංශ මුදල් මහා භාණ්ඩාගාරයට යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයන් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එසේම වාණිජ ණය හිමියන් සමග කරන සාකච්ඡා වේගවත් කිරීමටද කටයුතු කරන බවත් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසයි.
Read Moreබහුතර ජනතාව සමග මහපාරේ සටන් කර රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමග ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (09) දිනයේදීද ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් සටහන් විය.
Read Moreතමිල්නාඩුවේ විවිධ කඳවුරුවල සිට නවසීලන්තය බලා නීතිවිරෝධීව ගමන් කිරීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙක් තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ‘Q’ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණයට මාස 06ක කාලයක් ලබා දී තිබියදී නිසි පරිදි කටයුතු නොකරමින් මැතිවරණ කොමිෂන් සභාව සිය වගකීම පැහැරහැර තිබෙන බවත්, එය රජය විසින් සිදු කළ කාරණයක් නොවන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreපාන් භාගයයි පරිප්පු පීරිසියේ මිල අද (09)මධයම රෑ සිට රුපියල් 130දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කීවේය.
Read Moreබලය අයුතු ලෙස යොදාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂන් සභාව පවසයි.
Read More“මේ කාරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනතාවගේ හතුරෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ රටේ පවුල් ලක්ෂ 52කින් පවුල් ලක්ෂ 35කගේ පමණ ජීවිත විනාශ කර තිබෙන්නේ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරමින් අපිට ඇවිල්ලා කියන කොට දැන් රටේ තත්ත්වය හොඳයි උද්ධමනය බැහැලයි කියලා ජනපතිට ඔලුවේ අමාරුවක් හැදිලා තියෙනවා කියලා එතුමාට එරෙහිව අපිට දෝෂාභියෝගයක් ගෙන්නත් අපිට ඉඩ තිබෙනවා”
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය මැතිවරණයට සූදානම් බවත්, එම මැතිවරණය සුදුසු වාතාවරණයක පවත්වන ලෙස ඉල්ලීමක් කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඩොලරයට සාපේක්ෂව මේ වන විට ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇතත් වසර අවසන් විට ශ්‍රී ලංකා රුපියල යළිත් පහත වැටීමක් සිදුවෙනු ඇතැයි ෆිච් රේටින්ග් ආයතනය පුරෝකතනය කරයි. ඒ අනුව වසර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 20කින් පමණ අවප්‍රමාණය වනු ඇතැයි එම ආයතනය පවසයි.
Read Moreපොලීසිය විශ්වවිද්‍යාල තුළට පැමිණ ශිෂ්‍යන්ට පහරදුන් බව කියන සිදුවීම පිළිබඳ පියවරක් ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන්, විශයභාර ඇමතිවරයාගෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
Read More’’ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් ’’ආ කසාදෙ හෙට’’ කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.’’ යනුවෙනි
Read Moreලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිල පහළ දමා තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 75ක් අවසානයේදී කඩුලු 6ට ලකුනු 305ක් රැස්කරගෙන සිටියි.
Read Moreතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමග අද දින සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රු 10/= කින් අඩු කර රු 170/= මිලකට අලෙවි කරන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන කෙටි ආහාර මිල රු 10/= කින් අඩු කළද බේකරි නිෂ්පාදන මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් නොමැති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් පැවසිය.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 47ක් රැස්කිරීමත් සමගිනි.
Read Moreආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම බද්ද රුපියල් 30කින් ඉහළ දමා ඇති අතර මීට පෙර රුපියල් 20ක්ව පැවැති බදු අගය ඒ අනුව රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 65කදී කඩුලු පහක් දැවී ලකුණු 262ක් රැස්කරගෙන සිටියි.
Read More’’දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ දේශපාලන පක්ෂ විශ්වාස කරපු විදේශ රැකියාවල නිරත සමහරු රටට ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන හිටියා. අද මොකද වෙලා තියෙන්නේ. ඒ දේශපාලන පක්ෂ විශ්වාස කරළා රටට ඩොලර් එවන්නේ නැතිව ඒවා හංගාගෙන හිටපු අය අමාරුවේ වැටි ඇතැයි’’ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .
Read More