අම්බලන්ගොඩ මහ දවල් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ නගර මධ්යෙය ප්රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයෙකුට නාදුනන තුවක්කුකරුවන් අද (31දා) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බලපිටිය වලගෙදර රොබට් ද සිල්වා මාවත ලිපිනයේ පදිංච් රනකොම්බු විකුම් නිලංග සිල්වා නමැති මුදල් පොලියට දෙන තිස්හතර හැවිරිදි අයෙකු බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා සිය මෝටර් රථයෙන් තම දරුවන් රැගෙන යාමට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු තැනැත්තා සිය මෝටර රථය හරවා ගෙන ඒමට පාසල් මාවත දිගේ යමින් සිටියදී ඔහු පසු පස ලුහු බැද ගොස් මෝටර් රථය තුලදීම ඔහුට වෙඩි තබා ඇති බවත් වෙඩි කෑ ඔහු පාර දිගේ දිවවිත් අදුනන අයෙකුගේ යතුරු පැදිකයින් පැමිණ රෝහල්ගතව ඇති බවත් පොලීසිය කියයි.
වෙඩි වැදී තුවාල ලැබූ තැනැත්තා මේ වනවිට බලපිටිය රෝහලේ ප්රතිකාර ලබන බවද පොලීසිය කියයි.
වෙඩි තැබීම සිදු කළ නාදුනන තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීමට මේවනවිටත් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මාර්ග පරීක්ෂාව සිදු කරන බව ද පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

