මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කුවේට් රාජ්‍යයේ, මධ්‍යම බන්ධනාගාරයේ දී ඉකුත් 27දා මරණ දණ්ඩනයට නියම වූ ශ්‍රී ලාංකිකයා ප්‍රියංකරගම පොලිස් වසමේ පුද්ගලයෙකු බවත්, ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට ඥාතීන් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ප්‍රියංකර ගම පොලීසිය පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තාවේ.
Read Moreතම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපලකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.
Read Moreකෙසෙල්වත්ත පොලිස්වසමේ මාටිස් ලේන් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන්දෙදෙනෙකු විසින් මාර්ගය අසළ රැඳී සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreදැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඅද පෙරවරු 8.30 වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තොරතුරු හෙළි කළේය.
Read Moreලබන මාසයට අදාළව සිදුකිරිමට නියමිත ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන හල් 162ක් පමණ සියයට 50ක තොගය පවත්වාගෙන යාමට කටයුතු කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreරිදීමාලියද්ද යකහල්පොත ගම්මානයේ කාන්තාවක ඝාතනය කර වැසිකිළි වගකට දමා ඝාතනයක් වසංකල බවට සැකපිට වසර දෙක හමාරකය පසු 29 දින පිය පුතු දෙපලක් අත් අත් අඩංගුවට ගත් බව පොලිසියි කියයි, 2021 වසරේ පෙබරවාරි මාසයේ දිනක රාත්‍රි කාලයේදි තම බිරිදට සිදු කල පහරදීමකින් අනතුරුව ඇය මරණයට පත්වීමෙන් පසු පුත්‍රයා සමග එක්ව බිරිද වැසිකිළි වලකට දමා මිහිදන් කල බව කියමින් මරණයට පත්වු කාන්තාගේ ස්වාමියා පොලිසියට පාපෝච්චාරණය කර තිබේ,
Read Moreගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනෙකු ඉකුත් 28 වෙනි සිට අතුරුදහන් බවට පැමිණිලි ලැබී ඇති බව ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන සදහන් කරයි.
Read Moreරාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාර බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ සොරාගත් මාලිගාවත්ත ’’ඩිමෙල් වත්ත කළු ’’නැමැත්තා හා සොර බඩු මිලදී ගත් කියන මාලිගාවත්ත ආර් බි වත්තේ ’’උක්ඔයිල් ’’නැමැති සංවිධානාත්මක අපරාධකරුද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි
Read Moreවවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (29) දින සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.
Read Moreඉන්දීය සම්භවයක් ඇති උඩරට කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම, උඩරට වතුකරයේ අධ්‍යාපන කටයුතු හා ධීවර ගැටළු සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පියවර ගනු ලැබීය.
Read Moreපාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කරනු ලැබීය.
Read Moreරටේ කුමන තත්ත්වයක් පැවතියත් තමා රට හැර නොයන බවත් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේදැයි කියා සිතා ගැනීමට නොහැකි ආකාරයට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛතීපාල සිරිසේන මහතා ඊයේ (29) පස්වරුවේදී මීටියාගොඩදී කීවේය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ. ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැපවීම අවධාරණය කෙරේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනපතිගේ ඇගයීමට. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරීමට අවධානය.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreසුදු පාලන සමයේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන මහජනතාවට සිය බලය පෙන්වීම් සඳහා සැලසුම් කරන මා ර් ග පෙළපාලි සහ උත්තමාචාර පෙළපාලිය 29 දින දඹුල්ල පොලිස් ඉතිහාසයේ පළමු වතාවට 29 දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි
Read Moreජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreබොරැල්ල පොලීසිය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කෙරේ. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයෝ සාකච්ඡා කරති.
Read Moreදිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreමියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරතුර භාර දෙන ලදී.
Read Moreමෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.
Read Moreයුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023.07.31 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඑසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
Read Moreප්‍රංශයේ අති විශිෂ්ඨතම ’’ බැගට් ’’ ( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාලයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා අද (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreසෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත අඩුවී විකල්පයක් කෙරෙහි ජනතාවගේ කැමැත්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ආයතනියක අභ්‍යන්තර සමාලෝචනයට අනුව පේරදෙණිය විශ්ව විද්‍යාලය ඒ ශ්‍රේණියේ ගණයට පැමිණ තිබේ .
Read Moreමුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමුවූ මිනිස් අස්ථි කොටසු හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකොට හමුවූ අස්ථි කොටස් පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (28) දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.
Read More