උතුරු මැද පළාත තුළ සිදුවන ගව සොරකම් වැළැක්වීම සදහා ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන්ගේ සහාය ලබාගනිමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිවිල් ආරක්ෂක බලකාය භාර අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් බියන්වල මහතා සහ උතුරු මැද පළාතේ උසස් පොලිස් නිළධාරීන් සමග මෙම සතිය තුළ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත
ඒ සඳහා ආරම්භ කරන නව වැඩපිළිවෙල මෙම මස දෙවන සතිය තුළ ක්රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සැලසුම් කර ඇත
2023.01.01 දින සිට 2024.01.24 දක්වා කාලය තුළ උතුරුමැද පළාතේ ගව සොරකම් අපරාධ 335 කදී ගවයින් 572 ක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වී ඇති අතර, මෙලෙස සොරකම් කරන ලද ගවයින්ගේ වෙළදපල වටිනාකම රුපියල් කෝටි 10 කට ආසන්න බව අනාවරණය වී ඇත.
මෙම ඒකාබද්ධ මෙහෙයුම යටතේ උතුරු මැද පළාතේ ගොවීන් දීර්ඝකාලීනව මුහුණපාන ගැටලුවට විසදුම් සෙවීම සදහා වැඩබලන පොලිස්පතිවරයා ගේ දැඩි අවධානය යොමුවීමෙන් අනතුරුව ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි