දූරියන් ගහට එන රිලවුන්ට දැමූ විදුලි රැහැනට රැහැන දැමූ අයම බිලි
තම නිවසේ දූරියන් ගහට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු (47) ක තිදරුපියකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ රත්තොට උකුවෙල පූජා ගොඩ ප්‍රදේශයේ පදිංචි ගල් කොටුවාවේ ගෙදර රත්නපාර යන අයයි.
අදාල සිද්ධිය වූ ස්ථානයේ නිවෙස් හිමියා විසින් ඔහුගේ ගෙවත්තට නිතර නිතර පැමිණෙන රිලවන් දඬුලේනුන් ඇතුළු සතුන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා නිවසේ ප්‍රධාන ස්විචයෙන් අනාරක්ෂිත ලෙස විදුලි රැහැන් රැගෙන ගෙවත්ත වටා කණු හිටවා ඇද ඇති අතර අදින ලද එම වයරයේ තැනින් තැන පළුදු කොට බකට් කම්බි විදුලිය කාන්දු වන සේ සම්බන්ධ කර තිබූනු අතර එම කම්බිවල ගැටීමෙන් මෙම පුද්ගලයා මරණයට පත්වන්නට ඇති බවට සැක පළ කරනු ලබයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ පදිංචි පුද්ගලයා මාතලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

