මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි
කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුර පාර පදේශයේ නිවසක් තුළ අද (26)උදේ සිදුවූ වෙඩි තැබීමකින් කරන්දෙණිය ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ ඝාතනයවී ඇත්තේ කරන්දෙණිය කුරුදුගහහැතැප්ම පදිංචි රොෂාන් කුමාර විතානාච්චි නමැති තිදරු පියෙකි.
මිය ගිය මහජන සෞකය පරීක්ෂකවරයා නිවසේ රැදී සිටියදී රාජකාරී අවශය තාවයක් සදහා පැමිණියේ යයි කියමින් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව ද පොලීසිය කියයි.
වෙඩි වැදී බරපතල තුවාල ලැබූ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව ද පොලීසිය කියයි.
ඔහු මුදලට යට නොවී අකුරටම රාජකාරී කරන අයෙක් බවත් මේ ඝාතනය ඒ සම්බන්ධයෙන්වූවක් වන්නට ඇති බවට සැකකකරන බව ද පොලීසිය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

