ශ්‍රී ලන්කන් ගුවන් යානා 8ක් ඉවත් කර ඇතත් රු.මි. 5646ක් කුලී ගෙවලා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා 08ක් 2023 වර්ෂයේ පෙබරවාරි මස සිට ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත් කොට තිබුණද, එම ගුවන්යානා සඳහා බදු කුලී ලෙස රුපියල් මිලියන 5,646.76ක මුදලක් ගුවන් සමාගම විසින් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්තු 01වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ගුවන් සමාගමට අවශ්‍ය ගුවන්යානා සංඛ්‍යාව 27කි. දැනට සමාගම සතුව ඇති ගුවන්යානා සංඛ්‍යාව 24කි. මින් ගුවන්යානා 08ක් 2023-02-20 වන දින විට ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත් කොට තිබූ බව එම විගණන වාර්තාවේ සඳහන්වේ. භාවිතයෙන් ඉවත්කොට ඇති මෙම ගුවන්යානා සඳහා 2021 වර්ෂයේ සිට 2023-02-20 දක්වා කාලය තුළ බදු කුලී ලෙස රුපියල් මිලියන 5,646.76ක මුදලක් ගුවන් සමාගම විසින් ගෙවා තිබුණි.
මෙම ගුවන්යානා අක්‍රිය වී ඇත්තේ ගුවන්යානාවල ඇති එන්ජින්දෝෂ හේතුවෙන් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් දැනට මෙහෙයුම් කටයුතු සිදු කරන ගුවන්යානා සංඛ්‍යාව 18ක් බවද සඳහන්වේ. මේ නිසා ගුවන් ගමන් සැලසුම්කරණයට බාධා එල්ල වී ඇති බව ගුවන් සමාගම මගින් විගණනයට සඳහන් කර ඇත.
චන්දන සමරවික්‍රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
