2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර කතුන් මුලාකර ලිංගික අතවර කොට රන්මාල සහ මුදල් කොල්ලකෑ පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreතරගයේදී ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු පන්දු 28කදී ලකුණු 44ක් හා ලකුණු 21ට කඩුලු තුනක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව ඇය තරගයේ වීරවරිය ලෙසද සම්මාන ලැබීය. එසේම තරග තුනේදී ඇය ලකුණු 114ක් හා කඩුලු පහක් දවා ගැනීමට සමත්වූ අතර ඒ අනුව තරගාවලියේ විරවරිය ලෙසද ඇය සම්මාන ලැබීය.
Read Moreතම විදෙස්ගත බිරිඳ අනියම් සබඳතාවක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු 38 හැවැරිදි පියෙක් තම අවුරුදු 6ක දියණිය සමග දුම්රියට පැන දිවි නසා ගැනිමේ අභාග්‍ය පුවතක් කන්තලෙන් වාර්තා වෙයි.
Read Moreසත්ව හුවමාරු වැඩසටහනක් යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ’’ එමු ’’ ( Emu ) පක්ෂීන් තිදෙනකු සහ ’’ රින් ටේල් ලීමර් ’’ ( Ring - Tailed Lemur ) වදුරන් සිව් දෙනෙකු 09/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණ .
Read Moreඒ වගේම Channel 4 ආයතනය මගේ පවුල එක්ක පාරම්පරික වෛරයක් තියෙනව. 2009 යුද්ධය අවසන් කළ වෙලාවෙ ඉදන් මෙම නාලිකාව රාජපක්ෂවරුන්ට විරුද්ධව නිරන්තරයෙන් වීඩියෝ චිත්‍රපටි ප්‍රදර්ශනය කළා. මම එය මාධ්‍ය ආයතනයක් විධියට සලකන්නෙ නෑ. ඒක වීඩියෝ චිත්‍රපටි කරන ආයතනයක්.
Read Moreදරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිගමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට නායකත්වය දුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ මහනුවර ප්‍රදේශයේ දේශනවලට සහභාගී වූ බව කියමින් අත්අඩංගුවට ගත් මොහොමඩ් අසීෆ් ආබ්දීන් නැමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මුදාහළ බව නීතිපතිවරයා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීම සඳහා දුර බැහැරින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුකම් මධ්‍යස්ථානයක් ලෙස දියවඩන නිළමේවරයාගේ නිල නිවස ඉදිරිපිට පැරණි ජාතික පොළ භූමියේ ලෝක බැංකුවේ ආධාර මත ඉදිරිපත් ඉදිකරනු ලැබූ ගොඩනැගිල්ල ව්‍යාපාරිකයෙකු විසින් අත්පත් කරගෙන ඊට ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්ව සිටී .
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායිහි) සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු සැප්තැම්බර් 3 ඉරිදා දිනුම් අදින ලද එරට බිග් ටිකට් නම් ලොතරැයියෙන් ඩිරාම් මිලියන 20ක ත්‍යාගයක් හිමිකරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි්
Read Moreමුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා යටතේ අද පෙරවරුවේ ක්‍රීඩා දූෂණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. ඒ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Read Moreඉකුත් 04 වන දින ඉඩමක් සම්බන්ධයෙන් සිය පියා සමග බහින්බස් වු පුත්‍රයෙකු යකඩ පොල්ලකින් පියාගේ හිසට පහර දී ඇත.
Read Moreඇමරිකාවේ ග්‍රීන් කාඩ් පතක් ලබා ගැනීමේ අරමුණින් මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිට එම විභාගය සමත් වු 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පිළිබඳ පුවතක් මාතර නගරයෙන් වාර්තා වේ.
Read Moreඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ මාන්කුලම් - මුලතිව් මාර්ගයේ 21 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මාන්කුලම් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ වම්පස අයිනෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා පත්කර තිබේ. එම පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු මිල වේගයෙන් පහත වැටීම අලෙවි නොවීම, එළවළවළු තොග ප්‍රමාණවත්ව නොලැබීම ආදී කරුණු හේතුවෙන් ගොවීන් ව්යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
Read Moreමොරගහහේන නගරයේ පදික මාරුව මතදී තරුණ පෙම්වතුන් යුවළක් අනතුරට ලක් කර පලාගිය මෝටර් රථ රියදුරු දින පහකට පසුව අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි’
Read Moreරැසියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවල හා සත්ව ගොවිපලවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සිය සේවා ස්ථානවල ගැටළු රැසක් පවතින බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබෙන බවත් ඔවුන්ගේ ගැටළු පිළිබදව සොයා බැලීම හා නව රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට උදාකර ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටින බවත් එම කාර්යාංශය කියයි
Read Moreසංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සදහා ඕමාන් රාජ්‍යයට ගොස් එහිදී විවිධ හිරිහැරයන්ට ලක්වූ සිදුවීම් පසුගිය සමයේදී වාර්තා වූ අතර, එය අවම කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඕමාන් රජයත් එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
Read Moreකුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් 2022 දෙසැම්බර් මස තීන්දුවක් ගැනීම හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වියදම් කළ රු.මිලියන 560ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 සැප්තැම්බර් මස 02 වැනි දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියකුගෙන් කරන ලද විමසීමක දී පෙරේදා(4දා) අනාවරණය විය.
Read Moreඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය ඉකුත් සිකුරාදා( 01දා) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාළවී ඇති බව රෝහල් බලධාරීහු පවසති. යූ.ටී. නානායක්කාර නම්වූ මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසමින් යම් පුද්ගලයකු ඊයේ (05දා) රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
Read Moreමේ වනවිට වගා හානි වාර්තා වන ආකාරය අනුව අවම වශයෙන් අක්කර 70,000ක් පමණ නියඟය හේතුවෙන් හානියට ලක්ව ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමාන කරයි.
Read Moreතිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි විය.
Read Moreවිටමින් “සී” ඖෂධය ගර්භනී මාතාවන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන බවත්, මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read More2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු අද පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණ කළහ.
Read Moreතැපැල් මාර්ගයෙන් මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයේ ලකුණු දෙකකින් තියුණු තරගයකින් අනතුරුව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.
Read Moreනිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (05 දා) පස්වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreනවීන තාක්ෂණය සමග සම්බන්ධ කර ගනිමින් මධ්‍යම පළාතේ බස් ධාවන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පළාතේ ධාවනය කෙරෙන සියළුම බස් රථ ජී.පී.එස් තාක්ෂණයට සම්බන්ධ කිරීමටත්, ජංගම දුරකතන යෙදවුම් මගින් ධාවන කාල සටහන දැන ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණි.
Read More