චැනල් ෆෝ නාළිකාව විසින් පැහැදිලි කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් මගින් දැනුම්දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
රජයේ 2022 වසරේ රු.බිලියන 2ක වාර්තාගත ආදායමක් මෙවන් රාජ්‍ය ආයතනයක් හමුවූයේ බොහෝ කාලයකින් - කෝප් සභාපතිවරයා පවසයි විගණකාධිපතිවරයාගෙනුත් ප්‍රශංසා
Read More සංවර්ධන ව්‍යාපෘති 14ක වැඩ දැනටමත් සිදුකෙරේ... සෘජු විදෙස් ආයෝජන යටතේ ව්‍යාපෘති හතරක් ආරම්භ කිරීමටත් සාකච්ඡා... නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉකුත් දෙවසර (2021 -2022) තුළදී ව්‍යාපෘති 31 සඳහා ආයෝජන යෝජනා කැඳවා ඉන් ව්‍යාපෘති 8ක් ආයෝජන සඳහා මුදාහැරේ... ආයෝජන වටිනාකම රුපියල් මිලියන 33,841 යි... නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති රැසක් හඳුන්වාදේ...
Read Moreකේතුමතී කාන්තා රෝහලේ නේවාසිකාගාරයේ තිබී අස්ථානගතවූ වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ජංගම දුරකථනය රුපියල් හයදහසකට අලෙවි කර තිබියදී සොයාගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.
Read More’’ අපේ පවුලේ සිටි එකම සොහොයුරා මෙහෙම අවසන් ගමන් ගියේ ඇයි කියල හිතාගන්නවත් බැහැ. මගේ මල්ලිගේ මරණයට වගකියන්න ඕනෙ මේ කාලකන්නි වර්ජනය කාරයො කියලයි කියන්න තියෙන්නෙ ’’ යැයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී අනතුරටපත්ව මියගිය තරුණයාගේ සොයුරිය දරාගත නොහැකි වේදනාවෙන් කියා සිටියාය.
Read Moreඑය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කරන විශේෂ සාකච්ඡාවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා වුණාට පසු විටින් විට ඔවුන් දෙදෙනා මුණගැහිලා සාකච්ඡා කරනවා. ඒවා රහසිගත, කුමණ්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ රට වෙනුවෙන් ඒ දෙදෙනා එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් කරන සාකච්ඡාවක්
Read Moreවන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තු යටතේ පවතින මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 25,000ක් පාරම්පරික හේන් ගොවීන්ට ලබාදීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreයාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පැවති තාවකාලික පොදු වෙළඳ සංකීරණය වෙනුවට ගම්වාසීන් විසින් මුදල් එක්කොට නව පොදු වෙළඳ සංකීරණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදුවිය.
Read Moreනිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreමෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreයාන් ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට මෙන්ම මෙගාවොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාව පිළිබඳව යාන් ඔය වේල්ල ඉදිකළ චීන ආයෝජකයින් අද (11) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreහල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද (11දා) සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
Read Moreපාකිස්තානයට එරෙහිව එක්දින තරග ඉතිහාසයේ සිය දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය. ඒ ආසියානු කුසලාන තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයෙන් ලකුණු 228ක ජයක් වාර්තා කරමිනි.
Read Moreඑක්දින ලකුණු 13000 සීමාව පසුකළ ක්‍රීඩකයන්.... සචින් තෙන්ඩුල්කාර් - 18426 කුමාර් සංගක්කාර - 14234 රිකී පොන්ටින් - 13704 සනත් ජයසූරිය - 13430 විරාත් කෝලි - 13018*
Read Moreතමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂිත හෙවත් කුඩු සලිදු නමැත්තන් ගොනු කෙකාට ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ඔවුන්ගේ නීතීඥවරු අද (11) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreමහනුවර පිහිටි දේවාල වලට සහ එම දේවාල වලට අනුබද්ධිත පිටිසර දේවාල වලට බස්නායක නිලමේවරුන් පත්කිරීමේදී ඒ සඳහා ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අල්ලස් ලබාගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා පත් කරන ලද විමර්ශන කමිටුවේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව එම විමර්ශන කමිටුවේ ඉහළ නිලධාරියෙකු පැවසීය .
Read Moreමා කියනවා මේ අපරාධයට කණ්ඩායම් දෙකක් ඉන්නවා එකක් අපරාධය සැලසුම් කල අය දෙක එය වලක්වා ගැනිමට නොහැකි වු අය අද ඒ දෙගොල්ලම ඉන්නේ ආණ්ඩුවේ එහෙනම් මේ රටේ බලය සදහා නැවත මේ ජාතිවාදය ඇවිස්සීම පිළිබඳව මේ රටට කරපු ප්‍රතිවිපාකවලට දඩුවම් විදිය යුතුමයි අන්න ඒක සිද්ධ වෙන්නේ ජාතික ජනබලවේගයේ අණ්ඩුවකින් විතරක්
Read Moreහැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ (10) දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ දෑසින් රත් පැහැයෙන් වම් ඇසින් කදුළුවැනි යමක් ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසිය.
Read Moreකන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැ නුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට ඊයේ (10දා) රාත්‍රි වල් අලි පැන ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි.
Read Moreනිවස පරීක්ෂා කිරීමේදී ’’ මගෙන් සිදු වූ වැරදි වලට සමාවෙන්න.මා සමග තරහා වෙන්න එපා. මම ජීවිතය නැතිකර ගන්නවා. මගේ සහෝදරයෙකුට සල්ලි වගයක් දීල ඇති එ සල්ලි ඉල්ල ගන්න.මට සමාවෙන්න.’’ යනුවෙන් ලියා තිබූ ලිපියක් පොලීසියට හමුවී තිබේ.
Read Moreඋඩරට සහ පහතරට තේ කර්මාන්ත ශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොල කිලෝවක් සදහා දැනට අය කරන බදු වලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරිමට රජය කටයුතු කරමින් සිටින බව උඩරට සහ පහතරට තේ නිෂ්පාදකයන් කියා සිටියි.
Read Moreනොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද(11දා) මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇත.
Read Moreපසුගිය වසර 03 ඇතුළත දිවයින පුරා පුද්ගලයන් 9700 ක් සිය දිවි හානි කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන සකස් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි විශ්ව විද්‍යල මහාචාර්ය වරයෙකු වන වසන්ත අතුකෝරළ මහතා පවසයි.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටලු පිළිබඳව පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඊයේ (09දා) රාත්‍රී ජිනීවා බලා පිටත්ව යාම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
Read More2017 වසරේ සිට 2023 වසරේ මාස 09ක කාලය සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආදායම රු. 493,948,859ක් බවපාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එමෙන්ම එම කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වියදම රු. 14,138,688,045ක් බවද අනාවරණය විය.ඒ අනුව අනුව ආදායමට වඩා වියදම වැඩි අතර, එහි පරතරය රු.13,644,739,186 ක් වේ.
Read Moreදිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය මගින් ජනතාවට පැමිණිලි කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවර්ෂාව හේතුවෙන් හානියට පත් කුඹුරු හිමි වී ගොවීන් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read Moreආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉදිරි මාස 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ .
Read More