මිනිපේ ගොවීන්ගේ තීරණය
රටේ පවතින ලොකු ලූනු හිගයට පිළියමක් ලෙසඑළඹෙන යල කන්නයේ වී අස්වනු නෙළා ගත් පසු මිණිපේ මහා වාරි ව්‍යාපාරයේ 03හා 04 පියවර තුළ ලොකු ලූණු වගා කිරීම සුදුසු බව මිණිපේ කන්න රැස්වීමේදී තීරණය වී තිබේ .
ඒ අනුව එම වගාවට සුදුසු ඉඩම් හඳුනා ගැනීම හා ඉල්ලුමට සරිලන ලොකු ලූණු බීජ ගොවියන් වෙත ලබා දෙන ලෙස අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇති අතර ගොවියන්ද ඊට ඉහළ ප්‍රතිචාරයක් දක්වා තිබේ .
ලොකු ලූණු වගා කිරීම පිළිබඳ ඉදිරිපත් වූ මෙම එකඟතාවයට එළැඹී ඇත්තේ ඊයේ (13දා) මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මිණිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති කන්න රැස්වීමේදීය .
ඒ අනුව මෙවර යල කන්නයේ අස්වනු නෙලීමෙන් පසු විල්ගමුව හා හෙට්ටිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තෝරාගත් කුඹුරු ඉඩම් තුළ ලොකු ලූණු වගා කිරීමට එහි සියලු ගොවි සංගම් නියෝජිතයන් එකඟ වී තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
