saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3089 hours ago

LATEST

අයි.සී.සී. ලිපියට ක්‍රීඩා ඇමති පිළිතුරු දෙයි

calendar_today 2023 ඔක් 28 - 08:49 remove_red_eye - 656  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවන ලද ලිපියක අඩංගු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමද ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක් පරාජයට පත්ව සිටීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කර තිබුණ බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

සංචාරක වීසා උපයෝගි කරගනිමින් විදේශ රැකියා සඳහා යාමට උත්සහ කළ පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු නවතා ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටුවා ඇති ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයේ (SMPU) නිළධාරීන් කටයුතු කර තිබේ.

Read More

කවුරුන් විසින් ප්‍රශ්නය ඇති කළත් වගකීම් භාරගත් අය වශයෙන් නිවැරදි විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවත්, අභියෝග රැසක් පැවති සමයක තමා අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පත් වූ අතර පියවරෙන් පියවර එම අභියෝගවලට විසඳුම් සපයමින් ඉදිරියට යාම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි

Read More

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශය ගෙවීම් පියවීම සදහා රුපියල් බිලියන 5.6 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කල බවත්, ඉදිරි මාස දෙක සදහා ඖෂධ සැපයීම වෙනුවෙන් අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් මණ්ඩල වෙත සංදේශයක් යොමු කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

රටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති සහ ජාත්‍යන්තර පොලිසියේ සොරා ගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි සඳහන් 53 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ඊයේ (26දා) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබේ.

Read More

කුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටින බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පිටකොටුවේ තට්ටු හතකින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇතිව තිබේ. මෙහිදී තුවාල ලැබූ 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් පියවර ගෙන තිබේ.

Read More

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ දෙවන පාසල් වාරය අදින් (27දා) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි

Read More

මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මුදල් වංචා කළ සැකකරුවෙක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මෙම වංචාව රුපියල් කෝටි 990ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව, දීර්ඝ කාලයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින්, එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27දා) එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

Read More

කොරියානු නාවික හමුදාවට අයත් ‘ROKS KWANGGAETO THE GREAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 26) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ඒ වගේම සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.

Read More

එක්දින ලොක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ පරිපාලන දුර්වලතා මඟහරවා නව මුහුණුවරකින් තරගකාරී බැංකුවක් ලෙස පවත්වාගෙන යාමට කෝප් කමිටුවෙන් නිර්දේශ සාවද්‍ය ලේඛන ඉදිරිපත්කොට රු මිලියන 68ක් ණය ලබාගැනීමෙන් බැංකුවට සිදුවූ අලාභය පියවීම සහ නෛතික ක්‍රියාමාර්ග පිළිබදවත් වාර්තාවක් කැදවයි සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය බැංකු හර පද්ධතියක් ස්ථාපිතකිරීම කඩිනම් කිරීමටත් නියෝග ප්‍රමාද වූ 2021/2022 වාර්ෂික වාර්තා ලබන ජනවාරිය අවසන් වීමට පෙර ඉදිරිපත් කරන ලෙසටත් නි‍ර්දේශ

Read More

පසුගිය මාස කිහිපයේදී තමන් තමන්ටම අභියෝග කර ගත් බවත් පන්දු යැවීම ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 156ට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නේ සමත්වූහ.

Read More

වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන කතා කියා බොරු කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය. කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබාදීමට නිර්දේශ. ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට වරාය නගර කොමිසම අවසර දුන් බව මුදල් කාරක සභාවට දැනුම් දෙයි.

Read More

කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master ) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06 සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.

Read More

දියවැඩියා රෝගීන්ට ශරීරයට එන්නත් කරනු ලබන ඉන්සියුලින් එන්නත මහනුවර ප්‍රදේශයේ ඖෂධ අලෙවිසැල් වල මිලදී ගැනීමට නොමැතිවීම හේතුවෙන් එම රෝගීහු දැඩි අපහසුතාවයට පත්වී සිටින බව කියති .

Read More

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී පසුගිය 24දා ගුරු විදුහල්පති විරෝධතාවක් සිදුකරනවිට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරන බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙම ජනතා සමාගමක කොටසක මිළ රුපියලක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට තමන් කැමති ඕනෑම කොටස් ප්‍රමාණයක් මිළදී ගෙන මෙම සමාගමේ කොටස්කරුවෙකු වීමට අවස්ථාව පවතින බව ජනක විජයපතිරත්න මහතා වැඩිදුරටත් පැවසීය

Read More

තමන්ට හිමි දීමනා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සීනිගම දේවාලයේ කපු මහත්තරුන් අද(26) දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

Read More

මිල්කෝ ආයතනය සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 3 කොල්ලුපිටිය ගාලු පාරේ ප්‍රධාන කාර්යාලයේ 6 වන මහලේ සිරකරගෙන සිටි සේවකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි

Read More

රාජ්‍ය වියදම් කළමනාකරණය යටතේ නිල වාහන හා ඉන්ධන සම්බන්ධ විධිවිධාන සමාලෝචනය කිරීමේ කමිටුව විසින් වාහන සහ ඉන්ධන වියදම් අවම කරගැනීම සඳහා නිර්දේශ 7ක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ප්‍රවාහන සහ නඩත්තු වියදම් අවම කරගැනීම සඳහා වන නිර්දේශ 3ක් ද ඉදිරිපත් කර ඇත.

Read More

වරාය අධිකාරියේ සේවකයන්ට ලබන වසරේ ජනවාරි 01වැනිදා සිට 36%කින් වැටුප් වැඩිවීමක් සිදුකරන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීමක් කළ බව වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

Read More

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා වෙනුවට විදෙස් ණය හිමියන්ට ලැබෙන ආකාරයට වැඩ කටයුතු සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.