වෙසක් පොහොයට සිරකරුවන් 278ට ජනපති සමාව
වෙසක් පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278කට විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබේ.ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇත.
අද (23 දා) වන විට බන්ධනාගාරගතව දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවන(ගත කරන ලද) ලද වසරකට හෝ ඉන් කොටසකට සති එකක (සති 01ක්) සමාවක් ප්රදානය කිරීම හා දඩ මුදල් නොගෙවීම නිසා 2024.05.23 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම සිදුවේ.
මෙම විශේෂ රාජ්‍ය සමාව ප්රදානය කිරීම අනුව, වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් ද, මහර බන්ධනාගාරයෙන් 37ක්, වශයෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන මගින් සිරකරුවන් 278 ක් අද දින නිදහස් කිරීමට නියමිතව තිබෙන අතර මෙම පිරිස් අතර කාන්තා රැදවියෝ 10ක්ද සිටිති.
වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අද(23දා) හෙට (24දා) යන දෙදින තුළ ඥාතීන් දැක බලා ගැනීමේ අවස්ථාවද ලබා දී තිබේ. මේ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය පමණක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව දී තිබෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

