saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3080 hours ago

LATEST

වාහන නොමැතිකමින් අධි ආරක්ෂිත සතුන් තිදෙනෙකුගේ ජීවිත අවධානම්

calendar_today 2023 ඔක් 30 - 13:17 remove_red_eye - 504  

හික්කඩුව වන ජීවී කාර්යාලයට හදිසි ආපදාවන්ට ලක් වන අධි සංරක්ෂිත සත්වයන් රැගෙන යාමට රථ වාහන නොමැතිකමෙන් හදිසි ආපදාවන් හා ආබාධ සිදුව කරන්දෙණියේ නිවෙස් දෙකකට පැමිණි විල් මුව පැටව් දෙදෙනෙකුගේ ගා කැබැල්ලෑවකුගේ ජීවිත දැඩි අවදානම් තත්වයක ඇති බව එම නිවෙස් හිමියෝ කියති.

මාස 06ක කාලයක් තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

Read More

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිදුවීමට අදාළව නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 1000ක් පමණ වෙතැයි සැලකෙයි.

Read More

කාසල්රි , මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර ප්‍රදේශවලට (29) දින පස්වරුවේ තද වැසි පතිත වු බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසිය.

Read More

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය 10/30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මිටියාගොඩ පොලිස් වසමේ පාසල් මාවත ලිපිනයේ පවත්වාගෙන යනු ලබන බාලිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටදෙනෙකු ඊයෙ (29දා) රාත්‍රී පැන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයාගෙන් පහර කෑමට ලක්වූ අවුරුදු 45ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අයගම පොලිස් වසමේ ඉත්තෑකන්ද ප්‍ර දේශයේදී මෙම ඝාතනය ඊයේ රාත්‍රී කාලයේදී සිදුව තිබේ. සැකකරු ප්‍ර දේශයෙන් පළා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read More

ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමිණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ ප්‍රධාන පෙලේ තරු හෝටලයක මහත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඉකුත් (23දා) රාත්‍රියේ මෙම උත්සවය හා භෝජන සංග්‍රය පවත්වා ඇත .

Read More

හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් මස හත්වන දා ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන අනුලා රත්නායක ජයතිලක මහත්මිය වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

Read More

බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්‍රපාතයකින් පහළට පෙරලී තිබේ.

Read More

ලෝක බැංකු ණය ආධාර යටතේ මාතලේ දිස්ත්‍රිකයේ ලොකු ලුණු මව් බල්බ වසන්තිකරණය කිරිම සඳහා මිලියන 100ක් වැය කර ඉදිකළ සීතාගාර 50 භාවිත නොකිරිමෙන් එම මුදලින් අපේක්ෂිත අරමුණ ඉටු වී නොමැති බව කෘෂිකර්ම නවීකරණ ව්‍යපෘති මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව 2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර එම මුදල් පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ .

Read More

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

බීමතින් රිය පදවා අනතුරක් කල හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

Read More

පුත්තලම නගරයෙ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට එක්වි සිටි තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

පාදයකට වෙඩි වැදී තුවාල වූ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ අනෙක් ඇස යාන්තමින් පෙනෙන බව කියන තනි දළයක් ඇති ඇතෙකු මේ දිනවල ගල්කිරියාගම රණව මාර්ගයේ නිරන්තරයෙන් ගම්න් කරීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටින බව පවසති.

Read More

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 28 වන දින සවස් කාලයේ සහ අද දින (2023 ඔක්තෝබර් 29) අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින්

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවින්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න මහතා බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

අධි සංවේදී පරිසර කලාපයක් වන හන්තාන ආරක්ෂිත කලාපයට හානි වන ආකාරයෙන් ඉඩම් අලෙවි කිරීමක් හෝ බදු දීමක් තවදුරටත් සිදු වන්නේ නම් එම ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවට හන්තාන පාරිසරික කළමනාකරණ කමිටුවේ දී ඒකමතිකව තීරණය විය .

Read More

විශේෂ අවශ්‍යතාවයක් සේ සලකා 2023 යල කන්නයේ නියඟය හා ගංවතුර තත්ත්වයන් නිසා සිදු වු වගා හානි සඳහා වන්දි මුදල් මෙම වසර තුළ ම ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

වාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් බස් රථය අත්පත්කර ගැනීම නිසා සිත් තැවුලට පත්ව වි කැලණි ගඟට පැන්න විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වරයෙකුගේ ව්‍යාපාරික පුතා ගේ මළ සිරුර දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවීල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමුවූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේම ජනතාව මුහුණපා ඇති ඖෂධ සම්භන්ධයෙන් පවතින ගැටලුවට පිළියමක් ලෙස ගුණාත්මක භා තත්වයෙන් උසස් ඖෂධ අඛන්ඩව ලබා දීමේ අභියෝගය සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු නිළධාරීන් සමග එක්ව විසදීමට තිරඅදිටනින් යුතුව කටයුතු කරන බවත්, ති‌බෙන මුදල් ප්‍රතිපාදන කලමනාකරනය කරමින් ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේය.

Read More

ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් ඊයේ 28 රාත්‍රී අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව හපුතලේ පොලීසිය කියයි.

Read More

ධාරානිපාත වර්ෂාව සමඟ ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටී අද 28 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර කොටස ගමනාගමනය සඳහා එක් මංතීරුවක් කට පමණක් සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

ඉදිරි පැය 36දී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සතියක කාලය තුල දිස්ත්‍රික්ක පහක පවුල් 1791 කට අයත් පුද්ගලයින් 6848 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.