saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3074 hours ago

LATEST

ඉන්ධන මිල සංශෝධනය වෙයි

calendar_today 2023 ඔක් 31 - 22:10 remove_red_eye - 1009  

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Read More

බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළිත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

Read More

වසර 12ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් තම මුදල්වලින් ඩොලර් බිලියන 56.5ක් විදේශීය රටවල තැන්පත් කර ඇති බවත් එම මුදල් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

Read More

පුස්සැල්ලාව පොලිස් වසමේ නයාපාන වත්ත පහළ කොටසේ 10 වසර පන්තියේ ශිෂ්‍යාවක් පොලීසියට බියේ ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක් සමග එය දින තුනක් තුළ පොලීසියට බියේ ප්‍රදේශය තුළ සිදු වූ දෙවන සියදිවි නසා ගැනීම බව ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ හෙළිවිය.

Read More

ලබන වසරේ ජනවාරි මස 1 දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු අනුපාතය සියයට 18ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

දැනට වසරකට දෙවරක් ලෙස සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය මාස තුනකට වරක් සිදුකිරීමට කැබිනට් අනුමැතැයි ලැබි තිබේ.

Read More

වී අලෙවි මණ්ඩලයේ සහල් ඇසුරුම් මලු මිලදී ගැනීමේදී රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් වංචා කළ සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

Read More

වෙනත් ප්‍රාග්ධන වියදම් කපා හැර හෝ ඉදිරි අය වැය මගින් රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩි වීමක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ඉගෙනුම ලබන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය දි රන් පදක්කමක් හිමිකරගත් තරුෂි කරුනාරත්න සිසුවියන්ගේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරකරගැනීම සදහා රුපියල් 2,600,000 මුදල් ත්‍යාගයත් පොලොන්නරුව අරලිය සමුහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් පිරිනමන ලදී .

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (31) පියවර ගනු ලැබීය.

Read More

විදේශ ආධාර මත නතර වී ඇති සියලු ව්‍යාපෘති ලබන වර්ෂයේ ජනවාරි මස සිට අරඹන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (30) රාත්‍රී මුද්‍රා තැබීමට පියවර ගත් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලය පවසයි.

Read More

විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය.

Read More

චීනයේ හැංජො හි පැවති 04 වන ආසියානු ’’ පැරා ’’ ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් 11 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට 10/30 දින සවස් කාළයේ සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ අතර ඒවා යළි 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Read More

ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළී වැඩ සටහනක් ඊයේ ( 30 දා) අනුරාධපුරයේ දී සිදු කෙරිණි.

Read More

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට දඩමුදල් ගෙව්මේදී රුපියල් 5000 ක හොර නෝට්ටුවක් ලබාදී ඇති පුද්ගලයකු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු එකඟත්වයකට පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණ සහ අනුමැතිය සඳහා අද (30දා) ඉදිරිපත් කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 87වැනි වියේ පසුවිය.

Read More

රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (30) දැනුම් දුන්නේය.

Read More

පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කිරීම මිට හේතුව වී තිබේ.

Read More

දිවයිනට පැමිණි Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කළේය.

Read More

මිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණයි... ජනතාවට මුල්තැනදී තම සේවය නිවැරදිව සිදු කිරීමට රාජ්‍ය නිළධාරීන් කැපවී වැඩ කළ යුතුයි...

Read More

කාන්තන්කුඩි 06 ප්‍ර දේශයේ පිහිටි පල්ලියක ඉගෙනීමේ කටයුතු සඳහා ගිය අවුරුසු 08ක දරුවෙකුකට එම පල්ලියේ මව්ලවිවරයෙක් පොල්ලකින් පහරදී ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව පහරදීම සිදුකළ අවුරුදු 40ක් වන මව්ලවිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.