කොළඹ බදුල්ල මාර්ගය යථා තත්වයට
ස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය.
අද අලුයම පැවති සුළං සහ වර්ෂාව සමඟ මෙම මාර්ගයේ දෙපස ඉවුරු වල පස් කන්ඩි මත තිබූ අඩි සියයකට වඩා උස දැවැන්ත කරපන්ටයින් ගස් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණි. ගස් කීපයක් එකම ස්ථානයකදී ඇදවැටී තිබූ අයුරු ද දක්නට ලැබුණි.
දියතලාව යුධ හමුදාව හපුතලේ ප්රාදේශීය සභාව, ප්රාදේශීය ලේකම් කාර්යාලය,හපුතලේ විශේෂ කාර්ය බළකාය ,දැව සංස්ථාව , ප්රදේශවාසීහු දියතලාව පොලීසිය හා එක්ව පැය හතක පමණ මෙහෙයුමකින් පසුව මාර්ගය විවෘත කර ගැනීමට හැකි වූ බව දියතලාව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස්පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම මාර්ග කොටසේ මාර්ගය දෙසට ඇලවී කඩාවැටීමට ආසන්නයේ තිබෙන තවත් ගස් රැසක් තිබෙන බැවින් එම මාර්ගය භාවිතා කිරීම අනතුරුදායක තත්ත්වයක පවතින බව රියදුරෝ ඇතුළු ප්රදේශවාසීහු පෙන්වා දෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

