කටුනායක ගුවන්තොටේ වාහන වෙනුවෙන් නව සැලැස්මක් - විනාඩි 30ක් අනවශ්‍ය ලෙස හිටියොත් ගාස්තුවක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ වාහන නැවැත්වීම සහ හැසිරවීම පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා විසින් නව නිවේදනයක් නිකුත් කර තිබේ .
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් පිටත ප්‍රදේශයේ වාහන නවතා තැබීම , තදබදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් කිරීමේ අරමුණෙන් , කිසිදු විටෙක රියැදුරු නොමැතිව වාහන නවතා තැබීම සපුරා තහනම් කර තිබේ .
ඊට අමතරව ආගමන ගුවන් මගීන් රැගෙන යාමට පැමිණෙන සියලුම වාහන අදාළ රථ ගාල් වල සිට නියමිත වේලාවන් හී දී පමණක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණිය යුතුය.
රියැදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30 කට වඩා වැඩි කාළයක් , වාහන තදබදයක් ඇති වන පරිදි , අණ නොතකා වාහන හසුරුවන රියැදුරුවරුන් , ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී , විශේෂ ගාස්තුවකට යටත් කරනු ලැබේ .
මෙම ක්‍රියාවලිය මගින් පහසු සහ ක්‍රමවත් සේවාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළින් ගුවන් මගීන්ට හිමි වන අතර , අයථා සහ අනවශ්‍ය පුද්ගලයන් සහ වාහන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වීමෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව වඩා තහවුරු වනු ඇති බවට එම නිවේදනය මගින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා බලාපොරොත්තු පළ කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

