saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3064 hours ago

LATEST

2024 ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල්

calendar_today 2023 ඔක් 22 - 20:38 remove_red_eye - 702  

එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින සියලුම දෙනාට යළි මහ ගෙදරට පැමිණෙන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පවුලේ පක්ෂයක් නොවන බවත් කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.

ඇතුන් මරා ලබාගන්නා ලද දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් ඇතුළු ගජමුතු හයක් රුපියල් කෝටි 60 කට විකිණීමට පැමිණි වෙළඳ ව්‍යාපාරිකයෙකු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

වසර හැත්තෑ පහක් තිස්සේ මේ රටේ සංවර්ධනය සෙක්කුවක් මෙන් කරකැවී තිබුණු බවත් ඉදිරියේදී රටේ සංවර්ධනය වෙනුවෙන් පීඩාකාරී වේදනාකාරී තීන්දු තීරණ රැසක් ගැනීම්ට අකමැත්තෙන් වුවද සිදු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22දා) දඔඹුල්ලේ දී පැවසීය.

Read More

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

කිලිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වෑළදැමුවේ යැයි කිය රත්තරන් හා ආයුධ තොගයක් සොයා ඊයේ (21) දින කිලිනොච්චිය පොලීසිය විසින් කැනීමක් සිදු කළද කිසිවක් හමු නොවීය.

Read More

හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද 22 අලුයම සිට නැවතත් නාය යාමට පටන් ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.

Read More

සාලියවැව පොලිස් වසමට අයත් නිළබැම්ම ප්‍රදේශයෙ වගා බිමක කිසියම් හේතුවක් මත ඇතෙකු හදිසියෙ මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරී කාර්යාල පවසයි.

Read More

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බින්දුවට පත් කිරීමට හැකිව ඇති බවත් මෙය නගර සභාවට විශාල සහනයක්ව ඇති බවත් නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සදහන් කරන්නීය.

Read More

නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකසන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

Read More

නුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39 ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (21) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

Read More

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් භාවිතා කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 10/20 දින කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

ලෝකයේ බලවතුන් අතර පවතින මෙම යුද්ධමය වාතාවරණය අපේ රටටත් බලපා තිබෙනවා. කතාවක් තිබෙනවා ලෝකයේ ධනවත් රටවල්වලට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන කොට දුප්පත් රටවලට නියුමෝනියාව හැදෙනවා කියළා. ඒ වගේ රුසියාව හා යුක්රේණය අතරත්, ඊශ්‍රායලය හා පලස්තීනය අතරත් ඒට ගත් යුද්ධය නිසා ආනයනය කරන භාණ්ඩ මිල ඉහළ යාමේ අවදාමක් තිබෙනවා.

Read More

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කල බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතී. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබිනි. ඒ වනවිට ලෝක වෙළෙඳ පලේ යුරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුධමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇත.

Read More

අහුංගල්ල, ගල්වෙහෙර ප්‍ර දේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරික පවුලට වෙඩි තබා ඇත්තේ කුරුඳු ඉඩමක සැගවී සිටි පුද්ගලයෙක් ටී. 56 ගිනි අවියක් භාවිත කරමින් බව පොලීසිය කියයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්ත කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ නෙදර්ලන්තය සමගින් පැවැති තරගය කඩුලු පහකින් ජය ගනිමිනි.

Read More

මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වූ ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 84 වැනි වියේ පසුවිය. සෙලාන් බැංකුවේ නිර්මාතෘද වන ඒ මහතා සෙලින්කො කොන්සොලිඩේටඩ් හි ආරම්භක සභාපතිද වෙයි.

Read More

ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවේය.

Read More

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමා කර අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පොලීස් ස්ථානය තුළදී තරුණියක් විසින් එක් පොලිස් නිලධාරිනියකගේ ලැම පෙදෙස හා තවත් පොලිස් නිලධාරිණියකගේ ඇගිල්ලක් සපාකෑමෙන් ඇතුවූ තුවාලවලින් එම පොලිස් කාන්තාවන් දෙදෙනාම අද (20දා) අලුයම් කාලයෙදී රෝහල්ගත කිරීමට සිදුවූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

Read More

බදුල්ල සිට මීගහකිවුල හරහා ඇකිරිය බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස්‍ රථයක් අද 20 දහවල් මීගහකිවුල ඇකිරිය මොරහෙල මාර්ගයේ යෝධ උඋල්පත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් කාන්තාවක මියගොස් තුවාල ලැබු 35ක් පමණ මීගහකිවුල සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව අරාව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට පූර්ණ සහාය ලබා දෙනවා – චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි

Read More

තම බිරිඳ දරු දෙදෙනාද රැගෙන වෙනත් පුද්ගලයතු සමග පළා යාමෙන් සිත් තැවුලට පත් මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ පුද්ගලයකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

Read More

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.