නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි
දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක අටක ප්රාදේශිය ලේකම් කොට්ඨාශ 24ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද (16) දින පස්වරු 4.00 සිට හෙට (17) දින පස්වරු 4.00 දක්වා වු කාලය සඳහා වලංගු වේ.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, උඩපාලත, උඩුනුවර කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ, රත්නපුර, කලවාන, ඉඹුල්පේ කළුතර දිස්ත්රික්කයේ අගලවත්ත මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල සහ රත්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්වීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම ප්රදේශවල ජීවත්වන වැසියන් මේ පිළිබඳවදැඩි අවදානයෙන් සිටිය යුතු බවද එම සංවිධානය වැඩිදුටත් සඳහන් කරයි.
ශාන් හුලංනුගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

