saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2845 hours ago

LATEST

නාවික හමුදාවේ 1877ට උසස්වීම්

calendar_today 2023 දෙසැ 11 - 09:18 remove_red_eye - 168  

නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් 1,877දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

මෙම වර්ෂයේ 2023 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා වූ කාලසීමාව තුළදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් (දෙසැම්බර් 08) දින නිකුත් කර ඇති මහ බැංකු වාර්තාවක සඳහන් වේ.

Read More

මිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව සැල වීමත් සමග ඒ පිළිබඳව තමන් වහන්සේ කළ ප්‍රකාශයකට අනුව මිහින්තලා විහාරස්ථාන භූමිය තුල සිටින සියලුම යුධ හමුදා, නාවික හමුව , සිවිල්ආරක්ෂක සෙබළුන් මේ වන විට ඉවත් කර ඇතැයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පැවැසූහ.

Read More

මාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහාරැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

Read More

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය අද (10) සිට නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

Read More

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් අද (10) වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

විදුලි බලය විසන්ධි වීම නිසා අවසන් කටයුතු සිදු කිරීම සදහා මාතර කනත්තගොඩ ආදාහනාගාරයට රැගෙන ආ දේහයක් ආදාහනාගාරය තුල තබා ගෙන පැය දෙකකට වැඩි කාලයක් ඝන අදුරේ සිටීමට ඊයේ (09) රාත්‍රි මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පිරිසකට සිදු විය.

Read More

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Read More

රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දඹුල්ලේදී පැවසීය.

Read More

ගණපූර්ණය නොමැතිවීමෙන් අද (10) ප.ව 12.05ට පමණ පාර්ලිමේන්තුව හෙට (11) පෙ.ව 9.30 දක්වා කල්තැබිණි.

Read More

ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පැවැත්වේ. මෙම රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 8.30 ට පැවැත්වීනට නියමිතය.

Read More

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණූ ලබා දීම සදහා ඊට අදාල ගිවිසුම්ගත වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර සිදුවිය.

Read More

ශ්‍රී ලංකා රජය විසින් තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති එල්ටීටී සංවිධානයේ ලාංඡනයට සමාන ස්ටිකරයක් අලවා ධාවනය කළ ත්‍රී රෝද රථයක් හා එහි රියදුරු අත්ඩංගුවට ගත් බව මාතලේ කන්දෙනුවර පොලිසිය පවසයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව හා අනෙකුත් හමුදා අතර හා මිහින්තලා විහාරාධිපති හිමියන් අතර ඇති විශ්වාසය යම් කිසි ආකාරයකට පළුදු වී ඇති බැවින් හා සහ සම්බන්ධයද පළුුදු වී ඇති බැවින් ශ්‍රි ලංකා යුද හමුදාවේ හා අනෙකුත් හමුදාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද දිනයේ සිට ඔවුන් එම රාජකාරිවලින් මුදවා ලිමට නියමිතයි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ක්‍රියාත්මක වෙමින් පැවති පළමු ජනන යන්ත්‍රයද 9 දින රාත්‍රියෙ සිදුවු දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිද වැටිමත් සමග නැවති යාමේන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පුර්ණයෙන් නැවති ඇති බව විදුලි බල මංඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා 10 දින පැවසිය.

Read More

ගාල්ල කරාපිටිය රෝහල ආසන්නයේ ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරිම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවිමෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව කරාපිටිය රෝහල් පොලීසිය සදහන් කරයි.

Read More

අපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුළුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (35 ) ක් වූ ’’ හේලි ’’ නම් ගැහැණු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .

Read More

දිවයින පුරාම ‌ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරමභ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද (09) නවය සවස විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයින් අනූ හත්දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

Read More

රට පුරා හිටිහැටියේ විදුලි විසන්ධිවීම සිදුවූයේ කෙසේද යන්න බුද්ධි අංශය විසින් විශේෂ පරීක්ශණයක් පැවැත්වීමට තීරණය වී ඇතැයි

Read More

දිවයිනේ ප්‍ර දේශ රැසකට විසන්ධි වූ විදුලි සැපයුම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර තිබේ. ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම දිවයින පුරාම වාර්තා විය.

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

Read More

ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරය දක්වා උතුරු මාර්ගයේ ධාවනය වන අංක 4091/4092 යාල් නිලා දුම්රිය සඳහා රාජ්‍ය සේවක දුම්රිය ගමන් බලපත්‍ර මගින් පළමුවන හා දෙවැනි පන්තියේ ආසන වෙන් කර ගැනීමේ පහසුකම සපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

Read More

මහජනතාවට උපරිම සාධාරණයක් ඉටුවන අයුරින් තමාගේ සහ තම තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් තමුන්ගේ සේවය උපරිමයෙන් අයුරින් ලබාදීමට හදිදි මරණ පරීක්ෂකවරුන් කැපවියයුතු යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.