saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2866 hours ago

LATEST

අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය සතියකින්

calendar_today 2023 දෙසැ 06 - 16:30 remove_red_eye - 287  

සතියක් ඇතුළත අයි එම් එෆ් දෙවනි වාරිකය මෙරටට ලැබෙන බව තමා විශ්වාස කරන බවද චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළකර ඇතැයි ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කල පුත්තලම නගරයෙ ව්‍යාපාරිකයකුට චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කර එය වසර පහක කාල සිමාවකට අත් හිටුවමින් රුපියල් 12500 ක දඩ මුදල් ගෙවිමට නියම කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම්. පටබැදිගෙ මහත්මිය නියෝග කර තිබුණි.

Read More

දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකු ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාසල්වල අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

ප්‍රභූ ඝාතන කුමන්ත්‍ර යකට අදාළව චෝදනා මත පවරා තිබූ නඩුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

Read More

සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්‍ර දේශයෙ මහජනතාව ඊයේ (05) රාත්‍රියේ මද්‍රාසා පාසලට අසලට විත් විරෝධතාවය පළ කළේය.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ජලාශ 37ක් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමෙන්තුව පවසයි.

Read More

බදුල්ල නගරයේ දී ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු ඊයේ (5) රාත්‍රි නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

ත්‍යාග හෝ ණය මුදල් ලබා දෙන බව පවසා ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්ට හසු නොවන ලෙසත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් පොලීසිය පවසයි.

Read More

මුදල් ආරවුලක් මත පුද්ගලයෙක් මෝටර් රථයක් සමග පැහැරගෙන ගොස් මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මේ වන විට ස්ථාන 03ක පිහිටි මධ්‍යම බස් නැවතුම්පොළ, කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානගත කර දැනට බස් නැවතුම්පොළ පිහිටි ඉඩම් වාණිජමය කටයුතු සඳහා පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කිරීම, කොළඹ නගරයේ පිහිටි අනාරක්ෂිත ගස් ඉවත් කර ඒ වෙනුවට සුදුසු ගස් වර්ග නැවත සිටුවීම, කොළඹ නගරයේ අත්හැර දමන ලද වල් බිහිවී ඇති ගොඩනැගිලි හඳුනාගෙන ඒවා නඩත්තු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, කොළඹ නගරයේ රථ වාහන ධාවනය, මගීන් නංවාගැනීම හා නතර කිරීම සම්බන්ධව නියාමන සැලැස්මක

Read More

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (Scrabble ) තරගාවලියේ දී ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින් , එම තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා 12/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කමිටුව ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු උපුල් තරංග, දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන ඩිල්රුවන් පෙරේරා හා අජන්ත මෙන්ඩිස් පත්කර තිබේ.

Read More

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.

Read More

වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අළෙවි කළ බවටත්, ලියාපදිංචි ඖෂධවේදියෙකු නොමැතිව ඖෂධ හලක් පවත්වා ගෙන ගිය බවටත්, බල පත්‍රයක් නොමැතිව ඖෂධ සන්තකයේ තබා ගත් බවටත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි පුද්ගලික ඖෂධ හල් හිමියන් දෙදෙනෙකු එකී චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් පන් ලක්ෂ හතළිස් දහසක දඩයක් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළේය.

Read More

ස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (5) ආරම්භ කළේය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැය පරාජයවීමෙන් අනතුරුව සභාපතිවරයා විසින් යළි සභාව පවත්වාගෙන යාමට උත්සාහ කළත් මන්ත්‍රිවරු 22 දෙනෙකු ඊට විරෝධය පළකිරීම නිසා දින නියමයක් නැතිව සභාව කල්‍තැබීමට සභාපතිවරයා කටයුතු කරනු ලැබීය.

Read More

තම එකම පුතු භාවනා මධ්‍යස්ථානයක් බව කියනු ලබන ස්ථානයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.එම්.රත්නායක මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සිසුන් සිව්දෙනාගේ පංති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි.

Read More

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 20%ක් මේ වනවිට රට තුළ නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

Read More

තලාතුඔය ,රටේමුල්ල ,ගලහ ,හොරණ, ගාල්ල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා අනෙකුත් භික්ෂූන් මෙම හිමිනම අපයෝජනයට ලක් කර තිබේ. මෙම හිමිනම බොහෝ කාලයක සිට විඳි පීඩාව මවට පැවසීමත් සමගම එම මවගේ පැවිදි වී සිටින අනෙක් පුතා සිටින හොරණ විහාරස්ථානයකට මෙම සාමණේර හිමි බාරදී තිබේ. මෙම හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා විසින්ද මෙම කුඩා හිමිනම අපයෝජනයට ලක්වී තිබේ.

Read More

පසුගිය කාලයේදී තත්වයෙන් බාල ඖෂධ නිසා මියගිය, ඇස් අන්ධ වූ හා අසාත්මික වූ සිද්ධීන් පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා අද(05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත් අඹේවෙල කර්මාන්ත ශාලාව සඳහා පසුගිය වසර 08ක කාලසීමාව තුළ (2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31) දක්වා නිකුත් කරනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්‍ෂ නමදහස් හාරසිය හැටහතක් වටිනා ඩීසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්ත ශාලාවේ තෙල් ටැංකිවලට ගොඩබෑමේ කටයුතු සිදු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

Read More

මේ මාසයේ ගෙවීගිය දින 4ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 999ක් වාර්තා වී තිබෙන බවත්, රෝගීන් 16 ක් මිය ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

බාලවයස්කාර සාමණේර හිමිනමක් වසර තුනක් පුරා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ ප්‍රදේශ කීපයක විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දස නමක් සොයා ගම්පොල පොලිස් කොට්ඨාසට අයත් ගලහ පොලීසිය පරීක්ෂණක් අරඹා තිබේ.දහතුන් හැවිරිදි මෙම සාමනේර හිමිනම වයස අවුරුදු 11 සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

Read More

යුද හමුදාවේ සේවය කරන දෙදෙනෙක් එකම දිනයක එකම ආකාරයට ගම්පොල සිය නිවෙස් තුළ සියදිවි හානිකරගෙන තිබේ.විසිඑක් හැවිරිදි තෙල්ගේ ලසන්ත පීරිස් ගම්පොල උනම්බුවේ නිවසේත් 42 හැවිරිදි ජයසිංහ දේවලයාගේ චන්ද්‍රපාල පල්ලේ දෙල්තොට සිය නිවසේත් මෙසේ සියදිවි හානිකර ගෙන තිබුණි.

Read More

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රුපියල් 65000/= ක් වටිනා විදේශීය මත්පැන් බෝතලයක් සොරාගත් රුසියන් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.

Read More

මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීහු මහජනතාව තුළ ඔවුන්ගේ ආයතනය පිළිබඳව (CRIB) නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වා දුන්හ. ඒ සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ක්‍රියාවලිය පිළිබඳව පුළුල් ලෙස මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ඉදිරියේදී CRIB යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

Read More

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)තමන්ට දුරකථනයෙන් තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව අද (04දා) පැවති අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.