saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2839 hours ago

LATEST

ලබන සතියේදී බිත්තර මිල අඩු කරවනවා

calendar_today 2023 දෙසැ 12 - 19:04 remove_red_eye - 544  

ඉකුත් සතියේ සිට සීග්‍රයෙන් ඉහළ බිත්තර මිල ඉදිරි සතියෙදි අඩු කරන බව පාරිභෝගික වෙළද හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) අද දින (12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ විය.

Read More

මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි

Read More

උපයා ගත්තාකාරයේ හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් සම්බන්ධ නඩුවට අධිකරණයේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විමල් වීරවංශ මහතාගේ ඇපකරුවන්ටද අධිකරණයෙ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අද (12) නොතීසි නිකුත් කළේය .

Read More

යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරණ ’’වස්කෝද ගාමා ’’නැමැති මගී නෞකාව අද (12) උදැසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වු බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 126 නෙකු අත්අඩංගුවට ගෙන දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට ඔ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය.

Read More

චීනයෙන් ගෙන්වනලද අධි සුඛෝපභෝගී දුම්රියක් හා දුම්රියේ මනමාලි ලෙස ජනතාව අතර කථාබහට ලක්ව ඇති හිටාචි අධි සුඛෝපභෝගී දුම්රිය මේ වන විට කොළඹ දෙමටගොඩ ජෝන් හෝලන්ඩ් දුම්රිය අංගනයේ දිරාපත්වීමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මාවතගම පිලැස්ස මාස් කොළණිය ප්‍රදේශයේ පදිංචි තරුණ දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් විසි දෙහැවිරිදි ලාබාල තරුණයෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකින් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇත.

Read More

ප්‍රේම සබඳතාවයක් මත දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව, වයස සම්පූර්ණ වූ පසු විවාහ කර ගන්නා බවට පොරොන්දු ව මත, ප්‍රේමවන්තයාගේ නිවසට පදිංචියට ගිය වයස අවුරුදු 15ක දැරියක් අපහරණය කර අතවරයට ලක් කළ වයස අවුරුදු 32ක ප්‍රේමවන්තයා අත්අඩංගුවට ගත් බව ප්‍රියංකරගම පොලිසිය පවසයි.

Read More

බෙන්තොට මුහුදු තිරයේ ඊයේ (11) සවස දියනාමින් විනෝදවූ පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙක් මුහුදේ දිය රළකට හසුව ගසාගෙන යාමෙන් එක් අයෙකු මියගොස් අනෙකා රෝහල් ගතකල බව බෙන්තොට පොලිසිය කියයි. මියගොස් ඇත්තේ බේරුවල චීන කොරටුවේ පදිංචි මොහොමඩ් අද්මල් නැමති 22 හැවිරිදි තරුණයෙකි.

Read More

මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

රු 20000ක වැටුප් වැඩිවිමක් ඉල්ලා හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

Read More

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

අයහපත් කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි ද ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11) පැවසුවාය.

Read More

ලබන 15 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දෙවන සම්මේලනයේදී පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරුවල වෙනසක් සිදුනොවන බව නාමල් රාජපක්ෂ පවසයි.

Read More

2024 වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේදී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ, එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.

Read More

වැට් බදු වැඩි කිරිමේ ප්‍රතිශතය වැඩි බවත් තමන් වැට් බද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට එක් නොවන බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලංකාවේ පළමු ශිල්පීය තේ කර්මාන්ත ශාලාව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදීම ආරම්භ කෙරිණ.

Read More

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනයේම සිදුකිරීමට සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (11) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝව තුළ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සේවකයෙකු අත්තං ඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

Read More

මිහින්තලය රජමහා විහාරයේ විවිධ කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, තවදුරටත් පොලිස් නිලධාරීන් පුදබිමේහි රාජකාරී සඳහා යොදවා සිටින බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් 1,877දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

Read More

මෙම වර්ෂයේ 2023 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා වූ කාලසීමාව තුළදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් (දෙසැම්බර් 08) දින නිකුත් කර ඇති මහ බැංකු වාර්තාවක සඳහන් වේ.

Read More

මිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව සැල වීමත් සමග ඒ පිළිබඳව තමන් වහන්සේ කළ ප්‍රකාශයකට අනුව මිහින්තලා විහාරස්ථාන භූමිය තුල සිටින සියලුම යුධ හමුදා, නාවික හමුව , සිවිල්ආරක්ෂක සෙබළුන් මේ වන විට ඉවත් කර ඇතැයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පැවැසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.