කිලෝ මීටර් 8.9ක දුරකින් යුත් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ජනතා අයිතියට පත්කිරීමඅද (17දා) සිදු කෙරිණි.
මෙම මාර්ගයට ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය මගින් රු.බිලියන 45ක් ලබා ඇති අතර, මෙහි කඩුවෙල, කඩවත,කොතලාවල යන ස්ථානවල පිවිසුම්
මාර්ග පවතී. එමෙන්ම, අද (18දා) පෙරවරු 05.00 සිට කඩවත සිට ගාල්ල සහ මාතර ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම අවස්ථාවට මහාමාර්ග හා විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, ශ්‍රී ලංකාවේ ජපන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.
කඩවත – මාතර සැහැල්ලු වාහන ගාස්තු
කඩුවෙල – රු.100/-
අතුරුගිරිය සහ කොට්ටාව – රු.150/-
කහතුඩුව – රු.200/-
ගැලනිගම – රු.250/-
දොඩන්ගොඩ – රු.300/-
වැලිපැන්න – රු.350/-
කුරුඳුගහහැතැක්ම – රු.400/-
බද්දේගම – රු.450/-
පින්නදූව (ගාල්ල) – රු.500/-
ඉමදූව – රු.550/-
කොක්මාදුව – රු.600/-
ගොඩගම (මාතර) – රු.650/-
කඩවත – මාතර
බර වාහන සඳහා අවම ගාස්තුව (කඩුවෙලට) රු.200/- උපරිම ගාස්තුව (පින්දූවට) රු.1,750/-
කඩවත සිට ගාල්ලට සහ මාතරට මගී බස් රථ සේවා කාලසටහන හා ගාස්තු
නියමිත කාලසටහන
කඩවත - ගාල්ල සහ ගාල්ල - කඩවත
පෙ.ව. 06.30 සිට සෑම පැයකට වරක් රාත්‍රී 8.00 දක්වා
කඩවත - මාතර සහ මාතර - කඩවත
පෙ.ව. 06.30 සිට සෑම පැයකට වරක් රාත්‍රී 9.00 දක්වා
කඩවත – මාතර ගාස්තුව රු.500/-
කඩවත – ගාල්ල ගාස්තුව රු.400/-













ඡායාරූප - ඉසුරු පෙරේරා