බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව යොමුකළ පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර ලෙස සටහන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ පළමු පන්දුවාර තුන නිලකුණු පන්දුවාර ලෙස යොමුකළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසට එක්වෙයි. පළමු පන්දුවාරය හා තෙවැනි පන්දුවාරය මුෂ්ටෆිසූර් රෙහෙමාන් යොමුකළ අතර දෙවැනි පන්දුවාර සුබාෂිස් රෝයි යොමු කළේය.