05 දා කොළඹ කටයුතු අඩාල වේවි
ඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන (05දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කොළඹ පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක කටයුතු අඩාලවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (30දා) පැවසීය.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති, ගුරුවරුන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, පාසල් වෑන් රථ, දුම්රිය, බස්රථ ඇතුලු බොහෝ පාර්ශ්ව මෙම උද්ඝෝෂණයට එක්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය මත එදින බදාදා දිනයක් වුවද රාජ්‍ය ආයතනවලින් ජනතාවට සේවා සපයා ගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු කීය.
උද්ඝෝෂණයට සහභාගිවීමට කොළඹට පැමිණෙන ජනතාව පාලනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා වෘත්තිය සමිති නායකයන්ට වගකීම් පවරා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් දක්වා සිටියේය.

popular news
-
Ruwan Thursday, 30 August 2018 04:40 PM
බස් වලින් සෙනග ගෙනාවට මහජනතාවගේ ඔබ ගැන තියෙන අදහස කිසිම දිනක වෙනස් වෙන්නේ නැත. ඔබලා මේ රටට කල විපත තව දශක ගණනාවක් යනතුරු මේ මිනිසුන්ට මතක තිබෙනු නිසැකය.
Reply : 0 0
Sam Thursday, 30 August 2018 05:48 PM
This will be just an eight hour drama. Only the innocent people will suffer at the end. JO leaders will be in A/C cars. People will be under the hot sun. Rest of the mases will suffer because of the traffic jam. Nothing will change. Next day it will be the same government. Whatever said and done people are still not ready to change the present government. The working class thinks this is the only government they can win their working rights. That’s why they are coming out without fear fighting for their demands. JO knows very well about this situation. JO knows there are some dark clouds ahead of them. Their leader is getting old and there will be lot of problems when trying to find a second leader. There is lot of court cases. There will be lot of nasty stuff will come out during these cases. Any government in power can change the heart of the mases easily by giving peeks close to the elections. They have still time to correct their mistakes did during their past three years. Having
Reply : 0 0
rocky Thursday, 30 August 2018 06:22 PM
මේ කලවැද්දන්ට දෙන්න තියෙන්නේ වර්චස් විසිවෙන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
