04 දා පාසල් වහන්න දෙන්නේ නෑ
04 වැනිදා පැවැත්වෙනවා යැයි ප්‍රකාශකරන වැඩවර්ජනයේ පාසල් වැසීමට ඉඩ නොදෙන බවත් පාසල් නොවසන බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, පැවැසීය.
04 දා පැවැත්වීමට නියමිත වර්ජනය සම්බන්ධයෙන් ඊයේ(02දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවැසීය.
“ 04 වැනිදා පාසල් වහන්නේ නැහැ. 04 වැනිදා පාසල් වහන්න දෙන්නෙත් නැහැ. මේරටේ දරුවො 04 වෙනිදා පාසල් එනවා. ගුරුවරුන්, විදුහල්පතිවරුත් 04 වැනිදා පාසල් එනවා. අපි ඒක සනාථ කරනවා. දරුවන් අනිවාර්යයෙන් පාසල් ආයුතුයි. පාසල් වහන්නේ නැහැ" යැයිසඳහන් කළේය.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියන නුසුදුස්සන් දහසකට අධික පිරිසක් අධ්‍යාපන ක්ෂේත්රයේ උසස්වීම් ලබාදීමට එරෙහිව ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන විද්‍යාපීඨ කතිකාචාර්යවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරිහු 04 දා වැඩ වර්ජනයකට එක්වීමට සූදානමින් සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
