තමන් පුංචි කාලයේ සිට ඉගෙන ගත්තේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියා මිස, සියලු බෞද්ධයෝ, සියලු සිංහලයෝ නිදුත් වෙත්වා කියා නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
2017 ලෝක ජනාවාස දින සමරුව අද (02දා) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති අවස්ථාවේදී අමාත්මෙයවරයා මෙම අදහස් පළ කර තිබුණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත්, සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි" යනුවෙන් පවසා සිටියේය.