එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරය සඳහා එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඇමෙරිකා ගිය දූත පිරිසට තමාගේ නමද ඇතුළත් වුවත් තමන්ට ඇමෙරිකාවට යෑමට වීසා නොලැබුණ බව ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
කැලණියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව හෙළි කළේය.
කිහිපදෙනෙකු යුද අපරාධ කළ හෙයින් සමස්ත හමුදාවටත්, රටටත් අප කීර්තියක් ඇතිව තිබෙන බවත් ඒ වරදකරුවන්ට දඩුවම් ලබාදී හමුදාවේ කීර්ති නාමය ආරක්ෂා කර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.