ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට උගුරේ ආබාධයක්
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ උගුරේ හටගෙන ඇති ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ලබන 09 වැනිදා තෙක් ඔහුගේ පටිගත කළ කතාවක් රැස්වීම්වල ප්‍රචාරය කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
වෛද්‍ය හේතූන් මත මෙසේ මහජනතාව ආමන්ත්‍රණය නොකළද කලින් යොදාගත් සෑම රැස්වීමකටම සහභාගී වීමට සරත් ෆොන්සේකා මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමකදී එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සාමාන්‍ය‘යෙන් දිනකට 05 බැගින් 150කට වැඩි මහජන රැස්වීම් ප්‍රමාණයක පසුගිය මාසයක කාලය තුළ සරත් ෆොන්සේකා මහතා කතා කර ඇති බවයි.
මේ හේතුවෙන් අවස්ථා 02කදී උගුරේ හටගත් ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදු වූ බවද එම ප්‍රකාශකයා පවසා සිටියේය.
මැතිවරණයේ අවසන් සතියේ යොදාගෙන ඇති තීරණාත්මක මහජන රැස්වීම් සියල්ල ආමන්ත්‍රණය කිරීමට සරත් ෆොන්සේකා මහතා සැලසුම් කරගෙන ඇතැයිද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

