හොඳම පුවත්පත් කලාවේදීයාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය රාවය පුවත්පතේ කේ.සංජීවට ලබාදෙමින් 18 වන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී ඊයේ(25) රාත්රියේදී උත්කර්ෂවත්ව නිමාවට පත්විය.
2016 වසරට අදාළව පුවත්පත් සහ වෙබ් අඩවි සඳහා සම්මාන ප්රදානය කළ මෙම අවස්ථාවට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් එක්ව සිටි අතර වසරේ හොඳම තරුණ වාර්තාකරුට පිරිනැමෙන ඩෙන්සිල් පීරිස් සම්මානය රාවය පුවත්පතේ තරිඳු උඳුවරගෙදරට ප්රදානය කෙරුණි.
වසරේ හොදම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා සම්මානය සිළුමිණ පුවත්පතේ මහේන්ද්‍ර තාරක විසින් හිමිකර ගත් අතර හොඳම පාරිසරික වාර්තාකරු වශයෙන් ඉරිදා ලක්බිම පුවත්පතේ අරුණ ලක්ෂාන් ප්‍රනාන්දු සම්මානයට පාත්‍ර විය.
වසරේ හොඳම කාටූන් චිත්‍ර ශිල්පියා වශයෙන් ටැමිල් මිරර් පුවත්පතේ නාමල් අමරසිංහද,හොඳම ඡායාරූප ජනමාධ්යෙව්දීයා වශයෙන් ද අයිලන්ඩ් පුවත්පතේ සමන් අබේසිරිවර්ධනද මෙහිදී සම්මාන දිනාගත්හ.
වසරේ හොදම ක්‍රීඩා පුවත්පත් කලාවේදියා වශයෙන් වීරකේසරි පුවත්පතේ සෙල්වතුරේයි ප්රසාත්ද, එම අංශයෙන් කුසලතා සම්මානය අද පුවත්පතේ රොෂාන් පැතුම් ශ්‍රී ජයකාන්ත විජේරත්න විසින් ද හිමිකර ගත්තේය.
පැතුම් ශ්‍රී විජේරත්න
වසරේ හොඳම තීරු ලිපි රචකයාට පිරිනැමෙන බී.ඒ සිරිවර්ධන සම්මානය සිංහල,දෙමළ ,ඉංග්‍රීසි පුවත්පත් අතරින් පිළිවෙළින් රාවය පුවත්පතේ එස්.ජී.පුංචිහේවා,වීරකේසරි පුවත්තේ ආර්.රාම්කුමාර්,සන්ඩේ ටයිම්ස් පුවත්තේ දොන් මනූ විසින් හිමිකර ගන්නා ලදී.
වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට පිරිනැමෙන උපාලි සිරිවර්ධන සම්මානය ඉරිදා ලක්බිම පුවත්පතේ පීටර් පෙරේරා, වීරකේසරි පුවත්පතේ තුරේසාමි නඩරාජ්, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ශ්‍රීමති ඩෑන්, සන්ඩේ ඕබ්සවර් පුවත්පතේ ඉසුරි ලක්ෂ්මි හිමිකර ගත්හ.
ව්‍යාපාර හා මූල්‍ය පිළිබඳ හොඳම වාර්තාකරණය ඩේලිමිරර් පුවත්පතේ සන්දීප නලීන් සහ වීරකේසරි පුවත්තේ රොබට් ඇන්තනි කුලසලතා සම්මානයට පාත්‍ර විය.
සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය සඳහා ඉරිදා ලක්බිම පුවත්පතේ ධර්මා මොහොට්ටාල් හිමිකර ගත් අතර ,සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කසුන් වරකපිටිය, වීරකේසරි පුවත්පතේ දේවිකා රංගනාදන් එම අංශයෙන් කුසලතා සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය ද අයිලන්ඩ් පුවත්පතේ කර්තෘ ප්‍රභාත් සහබන්දු මහතාට හිමි වූ අතර සිය සගයන්ගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලවේදියාට හිමි ඩී.ආර්.විජයවර්ධන සම්මානය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ කමනි විජේදාසට හිමිවිය.
හොඳම තරුණ වාර්තාකරුට පිරිනැමෙන කුසලතා සම්මානයට මෙවර පාත්‍රවූයේ ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතේ සින්දුරි සප්පානිපිල්ලෙයි සහ වීරකේසරි සතිපතා පුවත්පතේ දීවරජා වීරූෂාන් ය.
වසරේ හොඳම සැකැස්ම සහිත සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත් වශයෙන් පිළිවෙලින් රාවය,තිනකුරල්,සන්ඩේ ටයිම්ස් යන පුවත්පත් විසින් හිමිකර ගත්තේය.
වසරේ හොඳම ප්රවෘත්ති සිංහල,දෙමළ,ඉංග්‍රීසි වෙබ් අඩවි සඳහා පිරිනැමෙන සම්මාන පිළිවෙලින් www.dinamina.lk,www.virakesari.lk,www.dailynews.lk හිමිකරගත්තේය.එම අංශයේ කුසලතා සම්මාන පිළිවෙළින් www.lankadeepa.lk,www.vidivelli.lk,www.sundaytimes.lk යන වෙබ් අඩවිවලට හිමිවිය.
ජීවිතයට එක්වරක් පමණක් රන් සම්මානයෙන් මෙවර පිදුම් ලැබූයේ ඩබ්ලිව්.ජී. ගුණරත්න, ලක්ෂ්මන් ජයවර්ධන, එස්.ඒ.සී.එම්.කූවල්දීන්, ගැස්ටන් ද රොසයිරෝ, පනීර් සෙල්වම් යන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් පස්දෙනාය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන්,ශ්‍රී ලංකා කතෘ සංසදයේ සභාපති මණික් ද සිල්වා, පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති රංජිත් විජවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ