යතුරුපැදි හිස්වැසුම්වල (හෙල්මට්) හිස ආරක්ෂා නොවන ස්ථාන ගැන සටහනක් අනිවාර්යයෙන් සඳහන්කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව අනතුරකදී ගැටිය හැකි ස්ථාන පිළිබඳ ලොව පිළිගත් විද්යාත්මකව සනාථ කර ඇති රූප සටහනක් සියලු හිස්වැසුම්වල ප්රදර්ශනය කරන්නැයි එම අධිකාරියෙන් ඉල්ලා සිටි බවද ලේකම්වරයා සඳහන් කළේය.
හිස්වැසුමේ නිසි ප්රමාණයන් තිබීම,ලාවර්ණ හිස්වැසුම් පැලඳීමේ ඇති වැදගත්කම,විශාල ගැටීමකින් පසු හිස්වැසුමේ ආරක්ෂාව අඩුවීම,කාලය සමග හිස්වැසුම් බුරුල්වේනම් එය ඉවත් කිරීම,ආරක්ෂිත පටිය නිකටට තබා තදකිරීමෙන් සිදුවිය හැකි අස්ථි බිඳීයාමේ අවධානම අඩුවීම වැනි කරුණු ගැනද පාරිභෝගිකයා දැනුවත් කළ යුතු බව අමරසිංහ මහතා ප්රකාශ කළේය.