පල්ලිමුනේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සහ එයට සම්බන්ධ ලාංකිකයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරුණු බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.