හෙරොයින් ග්රෑම් 11ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (11දා) ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
අදාළ කාන්තාව මීට වසර 16කට පෙර කොළඹ ගෑන්ඩ්පාස් ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 11ක් ළඟ තබාගත් බවට වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයාඇයට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ, සන්දනම් පිච්චෙයි මේරී මැටිල්ඩා (අවු.48) නමැත්තියකටය.