හෙරොයින් ගුලි ගිල දමා පාකිස්තානයේ සිට ඩුබායි හරහා ශ්‍රී ලංකාට පැමිණි නේපාල ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (30දා) පෙ.ව. 8.40ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරුගෙන් මේ වන විට හෙරොයින් ගුලි 08ක් පිටතට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.