හෙරොයින් ග්‍රෑම් 6ක් ළඟතබාගත් 5කට ජීවිතාන්ත සිරදඬුවම්
හෙරොයින් ග්‍රෑම් 06ක් ළඟතබාගැනීමේ චෝදනාවලට වරදකරුවන් වූ මාලිගාවත්ත ප්‍ර‘දේශයේ පුද්ගලයන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (09දා) ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මීට වසර 20කට ඉහතදී මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් ජාවාරම් කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා ලද පස්දෙනෙකුට මෙලෙස දඬුවම් නියම කළ විනිසුරුවරයා ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පුකොට ඇතැයි සඳහන් කළේය.
චෝදනාවලට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ තුවාන් පසීල් ආෆ්ඩීන්, මොහොමඩ් සේක් අමීර්, එච්.ඩබ්. ඉන්ද්‍රසිරි, මොහොමඩ් රෆයිඩීන්, අබ්දුල් ජබාර් මොහොමඩ් ස්මිත්අය 1996 අගෝස්තු 12 වැනිදා මාළිගාවත්තේදී හෙරොයින් ග්‍රෑම් 6.54ක් ළඟ තබාගත් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

