හෙරොයින් ගුලි ලෙසට සකස් කර, පසුව ඒවා ගිලදමා පැමිණි 57 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු wo (13දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පාකිස්තානු ජාතිකයා අලුයම දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත්ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
මොහු පිළිබඳ තොරතුරු ඒ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ හෙයින්, ඔවුන් වහාම මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
එම රෝහල් වෛද්‍යවරුන්, මෙම පාකිස්තානු ජාතිකයා ගිල දමා තිබූ හෙරොයින් ගුලි 42 ක් එළියට ගැනීමට සමත් වී තිබිණි.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.