අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණා දැමීමට එරෙහිව හෙට (11දා) සියලුම විශ්වවිද්‍යාලවල එක් දින පන්ති වර්ජනයක් සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
ආණ්ඩුව ගෙන යන මෙම ප්‍රතිපත්තියට විරුද්ධව හෙට දිනය තුළදී ස්ථාන 07 ක විරෝධතා 07 ක් පවත්වන බවද එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු විරසේකර මහතා සඳහන් කළේය.
මේ අනුව හෙට සවස 3.00 ට කොළඹ නෙළුම් පොකුණ ඉදිරිපිටදී හා නුගේගොඩ, විජේරාම, පේරාදෙණිය, ගලහ, පඹහින්න යන හන්දිවලදී සහ මාතර, අනුරාධපුර, කඹුරුපිටිය නගරවලදී සහ රාගම ශික්ෂණ රෝහල අග්නිදිග විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවන් පැවැත්වේ.