සයිටම් අහෝසි කරන ලෙස රජයට බල කරමින් ගුරු, විදුහල්පතිවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් සාමාජිකයන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍යපීඨ ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට (21දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සයිටම් විරෝධී ජනපවුර සඳහන් කරයි.
මීට අමතරව රජයේ දන්ත වෛද්‍ය, රජයේ ආයුර්වේද වෛද්‍යවරු සහ එම ක්ෂේත්රයේ කාර්යමණ්ඩලයද හෙට උදේ 6.30 සිට අනිද්දා 22දා උදේ 6.30 දක්වා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව එම සංවිධානයේ සාමාජික රජයේ දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් විපුල වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
වර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වර්ජනයක්ද සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල සාමාජිකයන් තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතා දැක්වීමටත්, හෙද නිලධාරීන්ගේ සංගමය අතිකාල සේවාවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කිරීමටත් සැලසුම් කර ඇත.
පොදුවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රය මූලික කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකෙරේ.