හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 70යි
ලෝකයේ භීතියට පත්කළ ප්‍රථම පරමාණුක බෝම්බ ප්‍රහාරය ලෙස ජපානයේ හිරෝෂිමා නගරය පරමාණු බෝම්බයෙන් වැනසී ගිය 70 වැනි වසර අද (06දා) අනුස්මරණය කරයි.
මෙම අවස්ථාව සඳහා හිරෝෂීමා වැසියන් සැදී පැහැදී ිසටි අතර, මෙම විශේෂ උත්සවයට ජපාන අගමැති ෂින්සෝ අබේ ද සහභාගි විය.
හිරෝෂීමා නගරයේ විශේෂ අනුස්මරණ උද්‍යානයේදී පැවති උත්සවයේදී දහස් ගණනක් වූ පහන් නගරයේ මොටෝයාසු ගංගාවේ පාකර හරිනු ලැබීය.
හිරෝෂීමාවට බෝම්බ ප්‍රහාරය එල්ල කර දින තුනකින් පසු නාගසාකි නගරයට දෙවැනි පරමාණුක බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ දෙවැනි ලෝක යුද්ධයටද තිත තබමිනි.
කෙසේ වෙතත්, මනුෂ්‍ය ඉතිහාසයේ වඩාත් ඛේදනීය අවස්ථාවක් සනිටුහන් කළ මෙම බෝම්බ ප්‍රහාර දෙකින්ම අහිමි වූ ජීවිත ප්‍රමාණය ලක්ෂ ගණනක් ඉක්මවීය.
අද දිනයේදී ජපානය පුරා ජනතාව විනාඩියක නිශ්ශබ්දතාවයක් සනිටුහන් කළ අතර, හිරෝෂීමා නගරයේ සීනුව එරට වේලාවෙන් උදෑසන 8.15 ට නාද වන්නට වූයේ, එදා ඇමෙරිකානු ගුවන් යානය පැමිණි මොහොත සිහිපත් කරමිනි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

