මහින්දට රතු නිවේදනය යවා අවසන් - අර්ජුන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රතු නිවේදනය නිකුත්කර අවසන් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වට තේරෙන කෙනෙක් නෙවෙයි මහින්ද මහත්තයා. බලයට කෑදර වුණාම මොනවා හරි කරලා බලය ලබාගන්නයි උත්සාහ කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ ලිඛිතව ප්‍රකාශ කළා මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. මට තේරෙන්නේ නැහැ තවත් කොහොමද මේක මේ මනුස්සයාට කියන්නේ කියලා. නමුත් කාලසීමාව ඉවර වෙන්නත් කලින් මැතිවරණයකින් පරාජය වෙලත් නැවත වරක් ඇතුළට එන්න උත්සාහ කරන්නේ පහුගියකාලේ කළ විනාශය නැවත ඉදිරියට ගෙනියන්නයි. ඒනිසා මේ මැතිවරණය අපි සියලුදෙනාටම වැදගත් මැතිවරණයක් බවට පත්කරන්න ඕනා. හොඳ පුද්ගලයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනා.......” යැයිද අර්ජුන රණතුංග මහතා
මේ බව පැවසූවේ මීරිගම නගරයේ අද (14) පස්වරුවේ පැවති ජනහමුවක් අමතමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

