හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලාන් ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ (06දා)ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර, ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර, රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත්, රටේ සමස්ත ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි සඳහන් කරමින් සරත් නන්ද සිල්වා මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.