වෘත්තිය පැසිපන්දු ක්‍රීඩාව තුළ ක්‍රීඩිකාවන් වෙනුවෙන් හිජාබය ඇතුළු හිස් ආවරණ පැළඳගෙන ක්‍රීඩා කිරීමට තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය කටයතු කර තිබේ.
මෙම නීතිය සම්මේලනය විසින් පසුගිය මැයි මාසයේදී අනුමත කර තිබුණත් එය ඊයේ (01දා) සිට ක්‍රියාත්මක වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන බිතාන්‍ය පළමු කාන්තා මුස්ලිම් පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක වන රභායා පාෂා පවසන්නේ මේ හරහා මුස්ලිම් ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාවට පැමිණෙනු ඇති බවයි.