හැටන් දික්ඔය නගර සභාවේ සභාපති හා උපසභාපති තෝරා පත් කර ගැනීම කුසපත් ඇදීමකින් සිදු කිරීමට මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා අද (26දා) කටයුතු කළේය.
මෙහිදී සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ අලගමුත්තු නන්දකුමාර හා ලංකා කම්කරු කොංග්‍රසයෙන් එස්. බාලද්රන් මහත්වරුන්ගේ නම් යෝජනා විය.
ඉන් අනතුරුව සභාපතිවරයා තෝරා ගැනීමට කුසපත් ඇදීමක් සිදු කළ අතර අතර එහිදී හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ එස්.බාලචන්ද්‍රන් මහතා තේරී පත් විය.
අනතුරුව උපසභාපතිවරයා තේරීම වාරය එළඹි අතර එහිදී ද එම තනතුරට එක්සත් ජාතික පක්ෂයේ එම්.ජේ.එම්.ෆාමිස් හා ලංකා කම්කරු කොංග්‍රසයේ එම්.ඩී.කුමාර කරුණාසිරි යන මහත්වරුන්ගේ නම් යෝජනා විය.
ඒ අනුව උපසභාපති තනතුර සඳහා සුදුස්සෙකු පත් කිරීමද කුසපත් ඇදීමකින් සිදු කිරීමට තීරණය කළ අතර මෙහිදී උපසභාපතිධුරය එක්සත් ජාතික පක්ෂයේ එම්.ජේ.එම්.ෆාමිස් මහතාට හිමි විය.