ජාතික ආණ්ඩුවේ තීරණ ගන්නේ ජනපති මෛත්රීපාල සිරිසේන හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන් එක්ව බවත් එම තීරණ වැරඳුණොත් අග්රාමාත්යවරයාට වගකීම පවරන අතර ජයග්රහණය කළහොත් ජනපතිට බැර කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ජනපති හා අගමැති එක්වයි තීරණ ගන්නේ. වැරඳුණොත් අගමැති හරිගියොත් ජනපති එහෙම වෙන්න බෑ. මේ විශ්වාසභංග යෝජනාව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට පමණක් නෙවෙයි ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිවත් ඉදිරිපත් වූ එකක්."