මාලඹේ, ඉසුරුපුරදී සිය බිරිඳට වෙඩි තැබීමේ සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකාර ලුතිනන් කර්නල්වරයා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික සෝමපාල මහතා ඊයේ නියෝග කළේය.
සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ වරද යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහුගේ රියැදුරුගේ සාක්ෂිද මේ සම්බන්ධයෙන් උපයෝගි කරගෙන තිබිණි.
මෙහිදී සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියද ඇප ප්‍රතික්ෂේප වූ අතර, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයට රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
කඩුවෙල - ආසිරි දමින්ද